26 හැවිරිදි තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්
බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් අද (10) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. මෙසේ දඬුවම් නියම වූණේ 26 හැවිරිදි අවිවාහක තරුණයකුවන දේව රාජා ලෝරන්ස් නමැත්තෙකුටය. […]
