මගුල පෙනි පෙනී මංගල ජෝඩුව කාටත් හොරෙන්ම පැන යයි
මංගල දිනය පෙනි පෙනී තිබිය දී මනාලයා මනාලිය හොරරහසේ කැන්දාගෙන යාමේ සිද්ධියක් හේතුවෙන් දෙපාර්ශ්වයේම ඥාතීන් බලවත් පීඩාවට පත්වීමේ සිදුවීමක් පසුගියදා මා ඔය අසබඩ ගම්මානයකින් වාර්තා විය. සමීප ගම්මාන දෙකක තරුණයකුගේ හා තරුණියකගේ මංගල්‍යය කතිකා කෙරුණේ කපු මහතකු හරහා ය . දෙපක්ෂයේ ඥාතීන් කළ සොයා බැලීම්වලින් අනතුරු ව මනාල යුවළ හමුවී කතාබස් කරගත් අතර මංගල්‍යයට දින […]
