එළවළු මිලට වෙච්ච දේ. මෙන්න නව මිල ගණන්
කැරට්, තක්කාලි සහ බෝංචි මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව රුපියල් 240ට අලෙවි වූ කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල ඊයේ (04 වැනිදා) රුපියල් 800 දක්වා ඉහළ ගිය බව දඹුල්ල තොග වෙළෙන්දෝ පැවැසූහ.
තවද තක්කාලි කිලෝ ග්‍රෑමයක් රුපියල් 750 දක්වාත්, බෝංචි කිලෝ ග්‍රෑමයක් රුපියල් 600-650ත් දක්වාත් ඉහළ මිලකට අලවි වූ බව ඔවුහු සඳහන් කළහ.
දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 10-12 අතර ප්‍රමාණයක් ලැබුණ බවත් රජරට, ඌව, වයඹ සහ යාපනය ප්‍රදේශවල එළවළු තොග මිල සාමාන්‍ය ලෙස පැවැතුණු බවත් ඔවුහු කීවෝය. මේ අතර අමු මිරිස් තොග මිල අඩුවී ඇති අතර, එහි කිලෝ ග්‍රෑමයක තොග මිල පැවැතියේ රුපියල් 200-250ක් අතර මිලකට ය.
එමෙන්ම මාළු මිරිස් මිලේ වෙනසක් නොවූ බවත් ඒවායේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 700-800 අතර තොග මිලකට අලෙවි වූ බවත් තොග වෙළෙන්දෝ පැවසූහ.
තවද මෑකරල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 200-220ක් අතර මිලකටත්, වට්ටක්කා කිලෝ ග්‍රෑමයක් රුපියල් 160-170 මිලකටත් අලෙවි කෙරිණි.