සබරගමු සිද්ධියෙන් පසු එම විශ්ව විද්‍යාලයේම ඉගෙවුම ලැබූ ශිෂ්‍යාවක් තැබූ සංවේදි සටහන
මන් සබරගමුව campus එකෙන් pass out වෙලා අවුරුදු 5ක් දැන්. Thursday වැඩ ඉවර වෙලා එද්දි මගේ අක්ක තමයි කිව්වේ ඔයාලගෙ campus එකේ ළමයෙක් suicide කරගෙනෙ rag එක හින්දා කියලා. ඒක අහපු වෙලේ ඉදන් දැන් වෙනකන් මගෙ ඔලුවෙ වැඩ කරන එකම දේ ඒක.
මන් campus ගියේ 2016. Final year එක තමයි මන් campus ජීවිතේ ගත කරපු හොදම අවුරුද්ද. හේතුව rag කරන්න seniors ල ඒ year එකේ නැති හින්ද. අපේ campus එකේ තමයි මන් හිතන්නේ qualified ම lecturers ල ඉන්නේ. අපේ academic standards මාරම higher place එකක තියෙන්නෙ. ඒ වුනාට මන් personally දන්න කවුරු හරි මගෙන් අපේ university එක ගැන ඇහුවොත් මන් කියන්නෙ යන්න එපා කියලා. ඒ campus එක ඇතුලෙ තියන rag එක හින්දා.
Campus ගිය දවසෙ ඉදලා එක එක හේතු කියලා මාව rag කරපු අවස්තා මෙච්චරයි කියල කියන්න බැරි තරම් තියනවා. මුලින්ම මන් hostel හිටියේ නෑ කියල, මගේ school එකේ නම හින්දා, මගේ hair එක straight කරල තිබ්බ කියල, මන් කතා කරන විදිය, එකී නොකී හැම හේතුවක්ම කියල මාව rag කරන්න එයාලා අවස්ථාවක් හදා ගත්තා.
ඒ කාලේ හැම Tuesday ම අපිව පැය දෙකකට වඩා canteen එකේ තියාගෙන rag කරනවා. මේ හැමදාම උදේ කෑම කන්න එන වෙලාවයි දවල් කෑම කන්න එන වෙලාවටයි අමතරව. 2nd years ල ඇවිත් මේසේ වටේට වෙලා ප්‍රශ්න අහ අහ බනින්න පටන් ගන්නවා. කාලයක් යද්දි මාව වෙනම table එකකට අරන් යන්න පටන් ගත්තා. අක්කල කියාගත්ත seniors ල ටිකක් කොල්ලො ටිකක් වට කරගෙන මට මන් අහලවත් නැති කුනු හරුප කිය කිය බනින්න ගන්නවා.
එක meeting එකක් ගන්නවා Management faculty එක පිටිපස්සේ, එකේදි කරන්නේ අපිව පේලියට තියලා seniors ල පිස්සුවෙන් වගේ කුනු හරුපෙන් බැන බැන මූන ඉස්සරහටම එන එක. මන් ඔය දේවල් වලට යන් නැතුව ඉන්නකොට මට බලපෑම් කරන්න මගෙ යාලුවොන්ව rag කරන්න පටන් ගත්තා. මන් ගැන කිය කිය එයාලටත් බනින්න ගත්ත. මේ වගේ වෙද්දි එයලා මගේ department එකයි batch එකයි pressure කරන්න ගත්තා.
එක පාරක් rag season එකේ denim එකක් ඇදන් Colombo ඉදන් Belihuloya ට bus එකේ ආව කියල මට පිරිමි ළමයි 100ක් 200ක් ඉස්සරහ කුනු හරපෙන් බැන්නා. වටේ ඉන්න කිසිම කෙනෙක්ට තියා මටවත් මන් වෙනුවෙන් stand එකක් ගන්නවත් බැරි වුනා ඒ වෙලාවේ. මන් cima class ඉවර වෙලා පහුවදා lectures එන්න අම්ම එක්ක bus එකේ ආවේ. මේක දකපු ගමන් seniors ල කියාගන්න අය අපේ batch එකේ කොල්ලන්ගෙ hostel එකට ගිහින් කොල්ලෙක්ට ගහලා මාව හදාගන්න කියලා. ඉතින් මේ ඔක්කොම කරාල එයාල බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ batch mate කෙනෙක්ට හරි යාලුවෙක්ට හරි අමානුෂික ලෙස සලකද්දි ඒ වෙනුවෙන් stand එකක් ගන්න පුලුවන් විදියට කොන්ද හදනවා වෙනුවට කොන්ද කඩන එක. මොකද batch fit කියන term එක හදල තියෙන්නේ student union එකේ ඕනා එපාකම් ටික කරගන්න සහ ඒවට ළමයින්ව ගෙන්න ගන්න.
මට ජීවිතේ පලවෙනි පාරට මානසික පිඩනය දාරා ගන්න බැරි තරමටම ආවෙ rag එක හින්දා. මන් first year එකේ දෙපාරක් ගෙදර ආවා. අම්මලගේ සහ යාලුවන්ගේ කීමට දෙපාරම ආයි ආවා. 2nd year එක නිදහස් නේ කියලා හිතාගෙන campus ආවත් bullying නතර වුනේ නෑ. මාව first year rag කරපු අයගේ බාගෙකවත් මූනවල් අද වෙනකොට මට මතක නෑ. ඒ තරමට bully වෙලා තමයි 2nd year එකේදි ඔක්කොම හරියයි නේ කියල ආවෙ. ඒ වෙද්දි අපේ junior batch එක ඇවිල්ල තිබ්බෙ. එතකොට rag කරන වාරෙ අපිට එන්නේ. මන් තරයේ හිතාගෙන හිටිය මොන බලපෑමකටවත් මන් rag කරන්න යන් නෑ කියල. එහෙම ඉද්දි seniors ලා ආයි මගෙ පස්සෙන් එන්න ගත්තා මට ragging වලට යන්න නෑ කියල. මන් ඒ දවස් වල canteen එක skip කරන්න උදේට tuk එකක එන්න ගත්තා. ආයි අර pressure එකම එන්න ගත්තා. Meetings වල මාව ඉස්සරහට අරන් බනින එක continue වුනා. මේ වෙද්දි ලොකුම බලපෑම ආවෙ අපේ department එකේ seniors ලගෙන්. එදා මන් ගෙදර ගියේ ආයි කවදාවත් campus එන්නේ නෑ කියල හිතාගෙන. මන් මාසයක් කාමරෙන් එලියට එන් නැතුව හිටියා, ගෙදර අය එක්ක කතා කරන එක නැවත්තුවා. අන්තිමට ගෙදරින් කිව්වේ ඔයාට campus නවත්තන්නා ඕන නම් at least ඒකට stand එකක් ගන්න කියලා. එහෙම හිතාගෙන අන්තිමට මන් අපේ department head ට complaint කරා මන් මේ හේතුව හින්ද campus නවත්තනවා කියල. ඒ දවස් වල Prof. Athula Ganapala තමයි අපේ department head හිටියේ. ඔහු ඇතුළු අපේ department එකේ අනිත් lecturers ල මැදිහත් වෙලා මට කිසිම කරදරයක් නැතුව ආයි lectures එන්න පුලුවන් විදියට හැමදේම හදල දෙන්නම් කියල මට දිගටම university එන්න කියල කිව්වා. ඒ වගේම එවලෙම Athula sir suspend list එක හදන්නම් කිව්ව rag කරපු අයගෙ නම් කියන්න කියලා. මට කාගෙන්වත් rag නොවී degree එක කරගන්න පුලුවන් වීම පමනක් ඒ වෙලාවෙ ප්‍රමාණවත් වුන නිසා ඒ වෙලාවේ මන් කාගෙවත් නම් කියන්න නැතුව ඉන්න තීරණය කරා. ඊට පස්සේ මන් ආයි campus එකට ගියාම seniors ල මාව approach කරේ නෑ. මන් ආයි කිසිම meeting එකකට ගියෙත් නෑ මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන හිටියා.
ඒත් අද Charith ගේ මරණයත් එක්ක, ඒකට සබරගමුවෙන් pass out වෙච්ච අය react කරන විදියට එදා මන් කරේ ලොකු වරදක් කියල හිතෙනවා. එදා මන් suspend list එකට නම් දුන්න නම් පොඩ්ඩ්ක් හරි මේ system එකා change කරන්න ඒක help එකක් වෙන්න තිබ්බා. අද ගොඩක් pass out වෙච්ච අයගේ “worry” එක තමන්ගේ university එකේ අහින්සක කොල්ලෙක් මැරුනු එකට වඩා university එකේ නමට වෙන හානිය. මේක වෙනුවෙන් කතා කරන ගොඩක් අය විවේචනය කරන්නේ සබරගමුවේ ragging culture එක මිසක් සබරගමුව university එක නෙමෙයි.
මගේ facebook account එකේ ගොඩක් ඉන්නේ අපේ campus එකේ අය. Charith ගේ suicide එක වෙලා මුලින්ම Facebook open කරාම දැකපු පලවෙනි post එකේ තිබ්බේ A/L result ආවම හැමදාම ragging ගැන කතා බහ එන විදිය ගැන. මේක share කරල තිබ්බෙ අපේ senior කෙනෙක්. පස්සේ ඔහු explanation එකක් එක්ක ඒ post එක අයින් කරල තිබ්බා ඔහුට ආපු ප්‍රතිචාර එක්ක. ඊට පස්සෙ මන් දැක්කෙ මගේ batch එකේම කෙනෙක් share කරල තියන post එකක්. ඒ post එක ලියල තිබ්බේත් අපේ senior කෙනෙක්, එකේ තිබ්බේ අපේ කාලේ නම් මෙහෙම වුනේ නෑ මේ අලුත් generation එකේ දෙයක් කියල. Charith ට වුනා කියන සිදුවීමට සමාන සිදුවීම් අපේ කාලෙත් sinharaja hostel එක ඇතුලේ වුනා කියලා මන් අපේම යලුවන්ගෙන් අහල තියනව පසු කාලිනව අපි මේ rag ගැන කතා කරද්දි. ගොඩක් පිරිමි ළමයි ඒව ප්‍රසිද්දියේ කතා කරන් නෑ. තවත් සමහරු තමනුත් ඒවා junior batch එකට කරාට පස්සෙ ඒක වරදක් විදියට දකින් නෑ. ඉතින් මේ වගේ අය අනේ අපේ university එකේ නමට හානි වෙනවා කියල තමන් university එක නම ආරක්ශා කරනවා කියල තමන් කරපු එවා වහගන්න උත්සාහ කරමින් ඉන්නවා.
Charith ගේ මරණෙට මන් ඇතුලු සබරගමුවෙ ඉගෙනගත්තු සහ ඉගෙන ගන්න හැමෝම වගකියන්න ඕන කියලයි මන් නම් හිතන්නේ. මන් වගේ suspend කරන්න පුලුවන් කම තියෙද්දි ඒක නොකර හිටිය අය, තමන් rag නොකරත් ඒකෙ bystander කෙනෙක් විදියට එවා බලන් හිටපු අය සහ වචනෙකින් හරි rag එකට සම්බන්ධ උන හැමොම හේතුවක් උනා අවුරුදු 5 කට පස්සෙත් මේ culture එකේ වෙනසක් වෙලා නැතුව Charith ට suicide කරගන්න සිදු වුන එකට. චරිත් ට යුක්තිය ඉල්ලනව වෙනුවට මේ මොහතෙත් campus එක ඉස්සරහට දාලා තමන්ව සුද්ද කරගන්න වෑයමක ඉන්නේ සබරගමුවෙ pass out වුන බොහෝ දෙනා. මොකොද campus එක ඇතුලේ තියන rag එකට ගොඩක් අය වචෙනෙකින් හරි දායක වෙලා තියනවා. මේක එකේකෙනෙක් දෙන්නෙක් කරන දෙයක් කියලා පෙන්නන්න හදන්නෙත් එහෙම අය තමයි.
දැන් මේ post එක දැක්කම campus ප්‍රජාව කියන පලවෙනි දේ තමයි අනේ මේ අල නේ කියලා. Peradeniya වගේ අල වෙන්න වත් choice එකක් තිබ්බ නම් අනිවරෙන් මන් පලවෙනි දවසෙ ඉදන්ම අල වෙනවා. මොකද අපි හැදුනේ හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් encourage කරපු පරිසරයක. කාටවත් ඕන විදියට ජීවත් වෙන්න ඕන කියන එක අපෙ අම්මල තාත්තලවත් අපිට කියල නෑ. අපි කරන fashion, අපේ ආගම වගේම අපේ life partner වගේ දේවල් වලටවත් අපේ දෙමව්පියො අපිට බලපෑම් කරල නෑ. ඉතින් ළමයෙක්ට වුනත් වැඩිහිටියෙක් ගරු කරන්න ඕන කියන concept එක වත් දන් නැති සමාජයක ගොඩක් දෙනා හිතන්නේ ඇවුරුද්දකින් හරි senior වුන පලියට අපි එයාල කියන හැමදේම කරන්න ඕන කියල. ඒ දවස් වල මගේ යලුවො කියනවා rag වෙද්දි බොරුවට හරි අඩන්න කියලා. එතකොට rag එක අඩු වෙයි කියල. මොකද කොච්චර rag වුනත් මට කවදාවත් ඒ අය ඉස්සරහ කදුලු ඇවිල්ල නෑ.
මේ මම ලියල තියෙන්නේ මගේ experience වලින් 1% විතරයි. ලියනවනම් ලියල ඉවර කරන්න බැරි තරම් දේවල් ඒ අවුරුදු 4 ඇතුලත මන් විදලා තියනවා සහ දැකලා තියනවා. ඉතින් තාමත් rag එක defend කරන අවුරුදු 30 පැනලත් තමන් ඒ කාලේ කරේ වරදක් කියන එකෙ තේරිල නැති mature වෙලා නැති හැමෝම, අඩුමගානේ තමන්ගේ දරුවන්ට හරි ගරු කරන්න ඉගෙනෙ ගනී කියල මන් හිතනවා. තමන්ගේ දරුවන්ට තමන් වගේ කෙනෙක් තව අවුරුදු 15 කින් හමුනොවෙවා කියල ප්‍රාර්තනා කරයි කියලා හිතනවා.
ඉතින් චරිත් අපි හැමෝටම සමාවෙන්න. We all failed you as seniors.
Hope you find your peace 🕊️🤍
✍️ සංජානා ජයමහ