විශේෂ පුවතක් අනුදි හොදම 5 අතරට
72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට අනුදි පැමිණෙයි. මෙය ඓතිහාසික ජයග්රහණයක් වන අතර, මෙම අංශයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්රී ලාංකිකයා ඇයයි.
අනුදි තවත් ඇදහිය නොහැකි වාර්තාවක් ද පිහිටුවා ඇත. මෙම වසරේ Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරඟකාරිය ඇයයි.
අද ඇය එහි අවසන් මහා තරඟයට මුහුණ දෙයි.