පිටරට අනංගයාට රැවටී සියල්ල දුන් දමිතාගේ ඉරනම මුහුදේ ලියවෙයි
එයාගේ නම දමිතා. ලස්සන ගැහැණියක්.
ජීවිතේ නොහිතපු මොහොතක තමන්ගේ අවාසනාවන්ත ඉරණම් ගමන තමන්ගේ අතින්ම ලියා ගත්ත කෙනෙක් ඇය.
මේ ඇගේ කතාව.
දමිතා ජීවත් වුණේ හරිම හිතුවක්කාර විදියට. ඇය ජිවිතේ හම තීරණයක්ම ගත්තේ දඩබ්බර විදියට…
ඇගේ විවාහය වුණත් සිද්ධ වුණේ එහෙමයි.
දමිතා හිටියේ ධීවර ගම්මානයක. උදේ හවස මුහුද පේන මානේ තමයි දමිතගෙ ගෙදර තිබ්බේ.
හැබැයි පිලිවෙලක් තිබ්බ පවුලක් නෙමෙයි.. අම්මා හිටියේ නෑ.. තාත්තා හිටියත් එයා දමිතාට ආදරේ කළේ නැහැ.
ඔය අතරේ තමයි දමිත රට රස්සාවට ගියේ .
එහිදී තමයි දමිතට පැතුම්ව හම්බවෙන්නේ. පැතුම් ඩුබායි වල ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩකරා. දමිතා ඇහැට කනට පේනවා.. පැතුම් දමිතා පස්සෙන් වැටුණා…
නීත්‍යානුකූලව කසාද නොබැන්දත් දමිතයි පැතුමුයි එක රූම් එකක් අරගෙන එකට ජීවත් වෙන්න පටන් ගත්තා.
පැතුම් දමිතට හීන ලෝකයක් පෙන්නුවා.
හැම වෙලාවෙම පැතුම්ට දමිතව ඕන වුණා…ඒ ලස්සනට පැතුම් හිටියේ පිස්සු වැටිලා…
“මට ඔයා නැතුව ඉන්න බෑ දමිතා…. ම්.. ” තුරුල් කරගෙන එහෙම කිව්වා… එක පාරක් දෙපාරක් නෙමෙයි . හැමදාම එහෙම කිව්වා..
ආදර කතා එහෙ මෙහෙ ගියා… ඒ කාලේ පිස්සුවක්.. දෙන්නට දෙන්නා නැතුව බැරි වුණා..
රවට්ටන්න පුළුවන් උපරිම පැතුම් ,..දමිතාව රැවැට්ටුවා..
දමිතත් හම්බ කරන හැම සතේම පැතුම්ගේ හීන වෙනුවෙන් දියකරා..
පැතුම් කිව්ව වෑන් එකක් ගන්න ඕනි කියල.ලංකාවට ගියහම ඒ දෙන්නට ජීවත්වෙන්න ඒක හොඳ ආදායම් මාර්ගයක් කියලා.
ඉතින් හම්බ කරන හැම සතේම දමිතා පැතුම්ගේ ගිණුමට බැර කළා.
එයා බින්දුවක්වත් සැක කළේ නෑ.
එච්චර ලොකු විශ්වාසයක් ඔහු ගොඩ නගලා තිබ්බා.
දින සති මාස ගෙවිලා ගියා.. පැතුම් චුට්ටක් වෙනස් වුණා. කල්පනා කරන්න පටන් ගත්තා . ඈතට ගිහින් කෝල් ගත්තා..
පැතුම් හරිම කලබලේ ලංකාවට යන්න ලෑස්තිති වුණා.
“අම්මා අසනීපයි අම්මට අන්තිමයි..”එහෙමයි පැතුම් කිව්වේ.
“හරි රත්තරනේ පරිස්සමට ගිහිං එන්න ”
කිසිම දෙයක් නොදැන දමිත මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරා. පැතුම්ගේ අම්මව ඉක්මනට සනීප වෙන්න කියලා. දන්න විදියට බුදු පහන ළග කන්නලව් කරා.
ඒත් දමිතට ජීවිතය වැරදිලා තිබ්බා.
ඒක දැනගන්නකොට, දමිතගේ කුසට මාස තුනක්,
පැතුම් ලංකාවට ගිහිල්ලා සතියක් විතර යනකොට, දමිතට එයාගේ ශරීරයේ වෙනසක් දැනුණා.
යාලුවෝ කිව්වා ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න කියලා.
බලනකොට දමිතාගේ බඩට දරු පැටියෙක් ඇවිල්ල..
සතුට දරාගන්න බැරිව දමිතාට ඇඬුන..
පැතුම් මාසෙකින් එනවා කියපු හින්දා.
එයා එනකම් මේක රහසක් විදියට තියාගන්න දමිත හිතුවා.
සති දෙකකින් විතර පැතුම්ගේ දුරකථනය වැඩ කරන්නේ නැතුව ගියා.
කොච්චර සම්බන්ධ කරගන්න උත්සාහ කරත් බැරිවුණා.
දමිතට හිතා ගන්න බැරි උනා පැතුම්ට මොකද උනේ කියලා..
දමිත පැතුම් ගේ හැම යාලුවෙක්ම හම්බවුණා..
එයාලත් පැතුම් ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ.
ඒත් එකම එක යාළුවෙක් දමිතට ඇඩ්රස් එකක් දුන්නා. එයා දුන්නා කියලා කියන්න එපා කිව්වා. හිත ශක්තිමත් කරගන්න කියලත් කිව්වා..
දමිතා ටිකට් එකක් දාගෙන ලංකාවට ආවා…
කෙළින්ම ගියේ , මාවතගම තිබ්බ තිබුණු ඒ ඇඩ්රස් එකට..
ඒ යද්දි දමිත දැකපු දේ එයාට අදහා ගන්න පුළුවන් උනේ නැහැ.
ඒ ගෙදර ඒ වෙලාවෙ හිටියේ ලස්සන ගෑණු කෙනෙක් විතරයි.
එයාගේ අතේ අවුරුදු තුනක විතර බබෙක් හිටියා.
ඒ දරු පැටියට සම්පූර්ණයෙන්ම තිබ්බේ පැතුම්ගේ මූණ..
කරන්න කිසිම දෙයක් දමිතට හිතා ගන්න බැරි වුනා… ආයෙමත් ආහන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ…ඒ ගෙදර පුරාම පැතුම්ගෙයි ඒ ගෑණු කෙනාගෙයි ෆොටෝස් තිබුණා.
එයා අඬ අඬාම.. මුහුදුකරේ තිබුණ එයාගේ ගමට ආවා..
පුංචියට ඉදිරියට ඇවිත් තිබුණ එයාගේ මව් කුස අතගාමින් ඇඬුවා…
හම්බ කරපු එකම එක රුපියලක්වත් නැතුව, ආදරය කරපු කෙනෙක් පුළුවන් උපරිමයෙන්ම රවට්ටපු ඒ ජිවිතේ අවසන් ඉරණම මහ මුහුදේ ලියවිලා තිබ්බා…
උපුටාගැනීම: හිරුගොසිප්