ඊශ්‍රාල ගුවන් ආරක්ෂක පද්ධතිය අසරණ කරවන Fattah 1 මිසයිලය පලමු වරට ඉරානය භාවිතාකරයි.
ඉරාන ඊශ්‍රායල යුද්ධය වර්තමාන තත්වය
🇮🇱 සුපුරුදු පරිදි ඊශ්‍රාලය දිගින් දිගටම ඉරානයේ ටෙහෙරාන් අගනුවරට , ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල එල්ල කරන මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. අති ප්‍රබල මට්ටමේ පිපිරීම් ටෙහෙරාන් අගනුවර තුල දකින්න ලැබුනා.
🇮🇷 ඉරානය විසින් ඊයේ දින දවල් සහ රාත්‍රි කාලය තුල සුපුරුදු පරිදි මිසයිල ප්‍රහාර එල්ල කලා. නමුත් වෙනදා මෙන් විශාල ප්‍රමාණයක් එල්ල නොවූ අතර මෙහිදී මිසයිල 10-20 අතර ප්‍රමාණ එකවර එල්ල කලා. මෙහෙදි දකින්නට ලැබුන විශේෂම කරුණ වන්නේ නවතම සහ නවීන මිසයිල ඔවුන් යොදා ගැනීමයි.
🇮🇷 විශේෂයෙන්ම Fattah 1 මිසයිලය පලමු වරට ඉරානය භාවිතාකල අතර මෙය hypersonic කාණ්ඩයට අයත් මිසයිලයක්. මෙවැනි මිසයිල නැවැත්වීමට හැකියාව ඇත්තේ රුසියානු S 500 පද්ධති වලට පමණක් නිසා ඊශ්‍රාල ගුවන් ආරක්ෂක පද්ධති මෙවැනි ප්‍රහාර හමුවෙදි අසරණ වෙනවා දැකගන්න පුලුවන්.
🇺🇸 ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කොන්දේසි විරහිතව යටත් වන ලෙස මේ වෙද්දි නියෝග කරල තියනවා. මේ අනුව පෙනී යන්නේ ඇමරිකාව මෙම යුද්ධයට නුදුරේදීම එක්වනු ඇති බවයි. මන්ද යත් ඇමරිකානු නාවික සහ ගුවන් යානා මැදපෙරදිග කලාපයට මේ වෙද්දි ලගාවෙලා තිබෙනවා.
🇮🇷 ඇමරිකාවේ මේ ප්‍රකාශය සමග ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇමරිකානු කදවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට තමන්ගේ මිසයිල සූදානම් කිරීම ආරම්භ කරල තිබෙනවා.
🇮🇷 එසේම මේ වෙද්දි ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය සීමා කරල තිබෙනවා. ඉරානය ප්‍රකාශ කරන්නේ තම රාජ්‍යයේ අවසරයකින් තොරව කිසිදු තෙල් හෝ LNG ප්‍රවාහන යාත්‍රාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකි බවයි. මෙය ඉදිරි දින 100 සදහා අදාල බවයි ඉරානය ප්‍රකාශ කරන්නේ. මේ අනුව තෙල් මිලේ වැඩි වීමක් අපේක්ෂා කරන්න පුලුවන්.
-නිමිති