ලොවම පුදුම කරමින් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇගවීමක් කරයි
කිසි විටෙකත් යටත් නොවන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙනි එරට මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායලය බරපතල වැරැද්දක් කර ඇති අතර එහි ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඉරාන ජාතිය යටත් කර ගත නොහැකි බව ඇමරිකානුවන් දැනගත යුතු අතර, ඔවුන්ගේ පැත්තෙන් සිදුවන ඕනෑම මිලිටරි මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බව ද කමෙනි ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඉරාන ජාතිකයන් දිවි පිදූවන්ගේ රුධිරය සහ ඔවුන්ගේ භූමියට එල්ල වූ ප්‍රහාරය කිසි විටෙකත් අමතක නොකරන බව ද කමේනි පවසා තිබේ.
ට්‍රම්ප්ගේ තර්ජන ගැන සඳහන් කරමින් කමේනි පවසන්නේ ඉරානයේ ඉතිහාසය දන්නා අය ඉරාන ජාතිකයන් තර්ජනයේ භාෂාවට කැමැත්තෙන් පිළිතුරු නොදෙන බව දන්නා බවයි.
ඊශ්‍රායලය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසි විටෙකත් සමාව නොදෙන බව ද ඔහු සඳහන් කර තිබේ.
අරුණ