පෙම්වතා සමග බියර් එකක් බිව් පෙම්වතී පරිවාසෙන් නවතී
අපිට සමහර තැන්වලදී ජීවිතය ගැන තීරණ ගන්න ඕනි කොහොමද කියන දේ ගැන තේරුමක් නැහැ.
ඒ වෙලාවෙදි හිතේ තියෙන හැඟීමට මුල් තැන දීලයි අපි තීරණ ගන්නේ.බොහෝ වෙලාවට අපිට වරදින්නෙ ඒ හැඟීම්වලට මුල් තැන දෙන නිසා වෙන්න ඕනී.මේකත් එහෙම හැඟීම්වලට මුල් තැන දීලා ජීවිතේ වරද්ද ගත්තු තරුනියකගේ කතාවක්.
කෙල්ලෙක්ට වරදින්නෙ මිනිස්සු මත්තෙ තියෙන විශ්වාසය නිසාමයි.මම නිශාදි.කුරුණෑගල මම ඉපදුනේ.
යමක් කමක් තිබුන පව්ලක් විදිහට මට පොඩි කාලේ ඉඳලම ලැබුනේ සැප විතරයි.
මොකද ඒ තරමටම මගෙ අම්මයි තාත්තයි මට ආදරේ කළා.හැබැයි මම ඒ දෙන්නට පෙරලා ආදරේ කලාද කියන්න දන්නෙ නැහැ.
එයාලගෙ ආදරේ මට වෙලාවකට දැනුනේ කරදරයක් විදිහට.
එයාලා සාධාරනයි මොකද මම එයාලට හිටපු එකම දරුවා.
මගේ ජීවිතේ වෙනස් උනේ ඉස්කෝලේ යන කාලෙ ඉඳලමයි.
මට උපරිම නිදහස උවමනා කළා.ඔව්…මම වරද්ද ගත්තෙ එතනින්.
මම ක්ලාස් ගියේ කුරුණෑගල…එහෙදි මට මගෙ ආදරේ හම්බුනා…චරිත්..,එයා හරි නිදහසේ දඟ වැඩ කරගෙන ක්ලාස් කට් කරගෙන විනෝදෙන් හිටපු කොල්ලෙක්.
ඒ දඟකාරකමටයි මම ආදරේ කලේ.
මටත් ඕනි උනේ එයා වගේ ඉන්න.
ඉතිං අපි දෙන්නා ආදරේ කළා.
එයා ක්ලාස් කට් කරලා එලියට යන දවසට මටත් ක්ලාස් එකේ ඉන්න බැරි උනා.
මමත් එයත් එක්ක ක්ලාස් කට් කරලා හැමතැනම ඇවිදින්න පටන් ගත්තා.
දවසක් අපි දෙන්නා නැවතුනේ එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර.
එදා එහෙ කවුරුත් හිටියේ නැහැ.එයා ඉන්න නිසා මට බයක් දැනුනෙත් නෑ.
මොකද එයා ලඟ ඉන්න නිසා මට මුලු ලෝකෙම මගෙ ලඟ වගෙයි දැනුනේ.
එයයි මමයි කතා කරගෙන බියර් බෝතල් දෙකකුත් ගෙනිච්චා.
කවුරුත් නැති නිසා මුලින් අපි බියර් බොන්න පටන් ගත්තා.
සීතල බියර් ඇඟ ඇතුලෙ මත් වෙන්න ගත්දි අපි හැඟීම්වලිනුත් මත් වෙන්න පටන් ගත්තෙ අපි දෙන්නටම නොදැනි.
එයා මගේ මුහුන පුරාම ඉඹගෙන ඉඹගෙන ගියා.
මටත් ඒ වෙලාවේ එයාවමයි ඕනි උනේ.
එයාගෙ උනුහුම ඕනි උනේ…ඔව්..එක සිප ගැනීමක් අපි අනන්තයටම ගෙනිච්චා…චරිත් අතින් මගේ ඇඳුම් එකිනෙක ගැල වෙද්දී මම එයාට තවත් තදින් තුරුලු උනා…අපේ හැඟීම් වේගවත්..ඒ වේගයටම අපිත් හැඟීම් වලට වහල් වුනා.
අවසානෙදි මම එයාගෙම වුනා.
මහන්සිය අතරින් එයා බෑගයෙන් තවත් බියර් බෝතලයක් ගත්තා…මට තවත් බොන්න උවමනාවක් නොතිබුනත් එයාගෙ වදේටම තව ටිකක් බිව්වා.
හැබැයි ඊට පස්සෙ මම හොඳටම මත්වුනා.
මට එයාව තුරුල් කරගෙන නිදාගෙන ඉන්න ඕනි උනත් මම ඇඳේ ඉද්දි එයා නැගිට්ටා.
මම මොනවා කිව්වද කියන්න මට මතක නැහැ.
මට හැමදේම පෙනුනේ අඳුරු වෙලා.
ඒ අඳුරෙම තවත් කවුරු හරි දෙතුන් දෙනෙක් එනවා මට මතකයි.
වෙන්න යන්නෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරි උනත් මොකක් හරි වැරදි දෙයක් වෙන්න යනවා කියලා මට තේරුනා.
එකෙක් මම ලඟට ආවේ චරිතගේ …. නේද මේ කියාගෙන.
උන් එක එකා අතින් මාව පාවිච්චි උනා.උන් ඔක්කොමත් එක්ක එක එක අස්භාවික ක්රම වලටයි හැසිරුනේ.
මට ආපු වේදනාවට කෑගහන්න ඕනි උනත් කෑගහගන්න බැරි උනා.
මගෙ ලෝකෙම කඩා වටෙන දෙයක් දැක්කෙ අන්තිමට.
චරිතුත් උන් එක්ක හිනා වෙවී උන් කරන ඒව වීඩියෝ කරනවා.
අම්මට තාත්තට වඩා මම ආදරේ කරපු චරිත් වෙන එවුන් මාව විනාශ කරනවා වීඩියෝ කරනවා.
උන් ඔක්කොගෙම වැඩ ඉවර උනාම චරිත් අඳුම් ටික මගෙ ඇඟට විසික් කරලා මේක ඇඳගනින් කිව්වා.
මගෙ කොන්ඩෙන් ඇදලා මූන ලඟට කරලා මට තර්ජනය කරලා කිව්වා ” උඹ මේ සිද්ධිය කාට හරි කිව්වොත් මේ ඔක්කොම ලීක් කරනවා කියලා.”.
මම අඬ අඬා ඉද්දි කවුරු හරි දොරවල් කඩාගෙන එනව ඇහුනා…
ඔව් ඒ පොලීසියෙන්.
කෙල්ලෙක් එක්ක කොල්ලෙක් ගෙදරට ඇවිල්ලා ටික වෙලාවකින් තව කොල්ලො ටිකක් එද්දි අහල පහල මිනිස්සුනට සැක හිතිලා පොලීසියට කෝල් එකක් දීලා.
මටත් ඕනි වුනේ මුන්ගෙන් කොහොම හරි පලිගන්න.චරිතුයි එයාගෙ යාලුවො ටිකයි ඔක්කොම පොලීසියට අහු වුනා.
මමත් වුන හැම දෙයක්ම කිව්වා.
මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලා.
මගෙ අසරන අම්මයි තාත්තයි මාව බලන්න ආවත් වචනයක්වත් කතා කලේ නැහැ.
මොකද එයාල හීනෙකින්වත් නොහිතපු දෙයක් මේ වුනේ.
එයාලගේ ආදරනීය දුව මම.
අවසානෙට මාව පරිවාසය බාරයට ගත්තා.
අදටත් මාව බලන්න එන්නෙ මගෙ අම්මා විතරයි.
තාත්තා එන්නෙ නැහැ.
එයත් දැං අසනීපෙන්.
කවදා හරි මෙතනින් එලියට ගියදාකට මේ රට අතෑරලා ගිහින් මගෙ අම්මයි තාත්තයි මාගාවට අරන් එයාල එක්ක ජීවත් වෙන්න හිතාගෙන ඉන්නෙ.
මම ඒකයි කිව්වෙ අම්මා තාත්තා ඇරෙන්න පිට මනුස්සයෙක් ඔයා වෙනුවෙන් මොන දේ කලත් සීමාවක් ඇතුව විශ්වාස කරන්න කියලා.වරදින්න යන්නෙ එක මොහොතයි..
හැබැයි ඒ වැරැද්ද ජීවිත කාලෙටවත් හදාගන්න බැරි වුනොත්…!
