ලංකාවේ කීර්තිය තවත් වැඩි කළ අපූරු සිදුවීම
විදේශ සංචාරකයාට අවන්හලක අමතක වි ගිය රුපියල් ලක්ෂ 18 ක මුදල, අවන්හල්හිමිකරු සංචාරකයා ගෙන්වා බාරදෙයි…



කොළඹ සිට සීගිරිය නැරඹීමට පැමිණ දඹුල්ල පැල්වෙහෙර පිහිටි අවහන්හලකින් ආහාර ගැනීමට පැමිණි විදේශීය සංචාරකයෙකුගේ අමතකවී ගිය රුපියල් ලක්ෂ 18 කට අධික ද මුදල් හා විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් ඇතුලු අනෙකුත් උපකරණ විදේශීය සංචාරකයාගේ අත්බෑගය එම විදේශීය සංචාරකයා වෙත යලි භාරදීමට දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ අවන්හල්හිමියෙකු කටයුතු කිරීමේ උදාර කටයුත්තක් 22 සවස වාර්තාවිය.
නමින් ටෙනී මාර්ටින් ස්ටයිම් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා සිය පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු සමගින් වෑන් රථයකින් දින12 ක සිය සංචාරය තුල 22 දින දහවල් සීගිරිය නරඹා සිය දහවල් ආහාර ගැනීම සදහා 22 හවස 2.00 ට පමණ දඹුල්ල ,පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි ආරිය රෙස්ට් අවහන්හල වෙත පැමිණ ඇත.
එලෙස දහවල් ආහාරය ලබා ගැනීමෙන් පසු එම අවන්හලෙන් නැවත ඔවුන් 22 රාත්‍රියේ නවාතැන් ගැනීමට නියමිත සීගිරිය ප්‍රදේශයේ හෝටලය වෙත නැවත පිටත්ව ගොස් තිබේ.
එසේ සිය නවාතැන් පලට පැමිණි අවස්ථාවේ තම මුදල් ඇතුළු වටිනා අත් බෑගය තමන් ලග නොමැති බව දැනගත් ටෙනී මාටින් ස්ටයිම් මහතා ඒ පිලිබදව කළබල වී ඔවුන්ට පෙන්වීම සදහා පැමිණි සංචාරක මාර්ගෝපදේශකවරයාට ඒ බව දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම සංචාරක මාර්ගෝපදේශකවරයා එම විදේශීය සංචාරකයින් පිරිස ආහාර ගනු ලැබූ අවන්හලේ හිමිකරුව දුරකථනයෙන් අමතා එම විදේශිකයා සතුව තිබූ අත් බෑගය නැතිවීම හා එය අවන්හලේ තිබේද යන්න පිලිබදව විමසීමෙන් අනතුරුව එම අවන්හලේ හිමිකරු වන කේ.පී.ආරියදාස මහතා එය සුරක්ෂිතව තම අවන්හල තුල තබා ඇති බවත් එය ලබා ගැනීම සදහා එහි හිමිකරුව කැදවාගෙන එන ලෙසට ඔහුට දැනුම් දී තිබේ.
ඒ අනුව පැය 04 කට පමණ පසු තමන් ආහාර ගත් අවන්හලේ අමතක වී ගිය මුදල් හා අනෙකුත් උපකරණ ඇතුලත් අත් බෑගය සුරක්ෂිතව තිබෙනු දැක ඔහු මහත් සතුටට පත්විය.
සියලු දෙනා ඉදිරියේ එම විදේශිකයාට අයත් අත් බෑගය ඔහුගේ අතින් විවෘත කිරීමට එම අවන්හල් හිමියා විසින් ඉඩ සැලැස්වූ අතර එහිදී තම මුදල් සුරක්ෂිතව ඒ ආකාරයෙන් පවතින බවත් එම මුදල් ගණනය කිරීමට අවශ්‍ය නොවන බවත් අවන්හල් හිමියා පිලිබදව තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් ප්‍රකාශ කර සිටියහ.
කෙසේ නමුත් ඊට අකැමැතිවූ එම අවන්හල් හිමියා එම විදේශීය සංචාරකයා ඉදිරිපිට ඔහු සතු දේශීය හා විදේශීය මුදල් එකින් එක එම විදේශ හා විදේශීය මුදල් එකින් එක එම විදේශීය සංචාරකයා ඉදිරියේ ගණන් කර කොලයක ලියා නිවැරදි බවට සනාථ කිරීමෙන් පසු එම දේශීය විදේශීය මුදල් වටිනා ජංගම දුරකථනයක් ඇතුළු ඔහුට අයත් අනෙකුත් උපකරණ මෙහිදි භාරදීමට කටයුතු කරනු ලැබුණි.
මෙහිදී එම අත් බෑගය තුල තිබුණු රුපියල් දාසය ලක්ෂ විසිදහසක් වටිනා දේශීය මුදල් හා රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ඕස්ට්‍රේලියානු ඩොලර් 515 ක්ද නැවත ඒ අයුරින්ම භාරදීම විශේෂිතය.
වසර 50 ක් ඕස්ට්‍රේලියාවේ ස්ථීරව පදිංචි වී සිටින මෙම ටෙනී මාර්ටින් ස්ටයිම් මහතා මෙරට උපත ලද පුද්ගලයෙකු වීම විශේෂිත ඔහු සිය මවුරට දැක බලා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙම අනපේක්ෂිතq සිදුවීමට මුහුණ පා ඇත.
මෙම අවන්හලේ සේවකයින්ගේ අවංකභාවයට කෘත ගුණ දැක්වීමක් ලෙසට එම සේවකයින් වෙත ඔහු සතු මුදලින් රුපියල් 50,000 ක මුදලක් බෙදාදීමට කලගුණ දත් මෙම විදේශීය සංචාරකයා කටයුතු කිරීමද මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතුව ඇත.
-Copied-
