සම්මානයක් දිනා මෙරටට ආ සුරූපිනිය
චීනයේ පැවති Òසුපර් මොඩ්ල් යුනිවර්ස් – 2025 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සුදිනි සින්දවී වික්‍රමආරච්චි එහිදී ඇය ඉදිරිපත් කළ ඇඳුම් නිර්මාණයට තරගාවලියේ “හොඳම ජාතික ඇඳුම” (Best National Costume) හිමි සම්මානය දිනා ගෙන ඊයේ (17) මෙරටට පැමිණියාය. මේ තරගාවලිය ලෝකයේ රටවල් 32ක නිරූපණ ශිල්පිනියන් ඉදිරිපත් වී සිටි අතර, එය ඉකුත් 10 වැනි දින සිට 16 වැනි දින දක්වා චීනයේ ෂෙන්ෂෙන් නුවරදී පවත්වා තිබිණි.
මේ තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 22ක බරකින් යුතු, සීගිරි අප්සරාවියක් නිරූපණය වන ආකාරයට ඇය සිය ඇඳුම් නිර්මාණය ඉදිරිපත් කර තිබිණි. සුදිනි සින්දවී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත ගෞරව උපාධිධාරිනියක වන අතර, ඇය ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියද හිමි කරගෙන තිබේ. ඇය ගේය පද රචනය, තනු නිර්මාණය මෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට මෙන්ම ඒවායේ රංගනයට ද දායකත්වය සපයමින් සිටින්නීය.
කටුනායක – ටී.කේ.ජී. කපිල
