ගාමට් යන හැමෝටම සතුටු හිතෙන ආරංචියක්
ලංකාවේ ඇඟළුම් සදහා පනවා ඇති සියළු තීරුබදු ඉවත් කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.
ඊට අමතරව, ලෝකයේ ඕනෑම රටකින්, ඇගළුම් නිෂ්පාදනය සදහා අවශ්‍ය යෙදවුම් සියයට සියයක ප්‍රමාණයක් ලබා ගැනීමේ අවසරයද එක්සත් රාජධානිය ලංකාවට ලබා දී තිබේ.
මේ බව දැනුම් දී ඇත්තේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයි.
