තව සතියක් ඉවසන් ඉන්න සල්ලි ඉතුරු වෙන නිව්ස් එකක් දෙන්නයි යන්නේ
විදුලිය ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන නව යෝජනාවලිය එළැඹෙන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. (Sri Lanka Latest News)
මීට පෙරද විදුලිය බිල අඩු කිරීම සම්බන්ධ යෝජනා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසුවේ.
නමුත් එම යෝජනාවලිය යළි සකස් කර ඉකුත් 08 වැනි දාට ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබුණා.
එහිදී විදුලිබල මණ්ඩලය කොමිසමට දන්වා තිබුණේ ඒ සඳහා සති දෙකක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව ලබන සතියේ නව විදුලි ගාස්තු යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට නියමිතව තිබෙනවා.
- Mawrata News
