කුසල් සහ අවිශ්ක වසර 15ක ක්‍රිකට් වාර්තාවක් බිඳ හෙළයි
නවසීලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී විශිෂ්ට පිති හරඹයක නිරත වීමට කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.
ඔවුන් දෙදෙනාම අද සිය සිව්වන එක්දින ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.
කුසල් සහ අවිශ්ක දෙවන කඩුල්ල සඳහා ලකුණු 206ක සබඳතාවක් ගොඩනඟනු ලැබුවා.
එය තරඟය පැවැත්වෙන රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉහළම ලකුණු සබඳතාවයි.
ඔවුන් මෙලෙස බිඳ හෙළුවේ මහේල ජයවර්ධන සහ උපුල් තරංග 2009 වසරේ බිහි කර තිබූ ලකුණු 202ක වාර්තාවයි.
තරඟයේ කාසියේ වාසිය දිනූ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 143යි.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100යි.