ඇමති බංගලා 31ක අනාගත ඉරණම ජනපති ලේකම් අතට
පසුගිය රජයන්වල අමාත්‍යවරුන්ට ලබා දී තිබූ නිවාස 31 සඳහා ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිතව විමසා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘මව්බිම’ට පැවසීය.
මෙම සුඛෝපභෝගී ඇමති බංගලා නිවස්න කුලී පදනම මත ලබා ගැනීමට රජයේ ආයතන කිහිපයක් දැඩි තරගයක නිරත වීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
තමන් වසර ගණනක සිට රුපියල් කෝටි ගණන් වියදම් කරමින් පෞද්ගලික ගොඩනැගිලිවල කුලියට සිටින බව ත් වත්මන් ඇමැතිවරුන් මෙම සුඛෝපභෝගී ඇමති බංගලා භාවිත නොකිරීමට ගත් තීරණයත් සමග හිස්වන එම බංගලා නිවස්න සාධාරණ කුලී මුදලකට රාජ්‍ය පාර්ශ්වයන් වන තම ආයතනයට ලබා දෙන ලෙස ද දැනටමත් ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්වරයාගෙන් මීට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මෙලෙස ලිඛිතව දැනුම් දී තිබේ.
කොළඹ 05, කොළඹ 07, කේන්ද්‍ර කරගත් ඇමති බංගලා නිවාස 31 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතු වේ.
එනම්, විජේරාම මාවත, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, ග්‍රෙගරි මාවත, බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොළ මාවත, ස්ටැන්ලි යනාදී ප්‍රදේශවල මෙම බංගලා නිවාස පිහිටා ඇත.
ඇතැම් බංගලා නිවාස අක්කර එකහමාරක පමණ භුමි සීමාවල පිහිටා තිබේ.
mawbima