සහල් මාෆි යාව ඉවරයි රුපියල් 100ට නාඩු කිලෝවක් වරායට
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු සහල් තොග මිල මේ වන විට ඉන්දියානු රුපියල් 25ක පමණ අගයක් පෙන්වයි.
ඒ අනුව එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85ක් පමණය.
නැව් ගාස්තු ද සමග කොළඹ වරායට එම වර්ගයේ සහල් කිලොවක් තොග මිල රුපියල් සියයක් ආසන්න වෙද්දී ගොඩ බාගත හැකියාව ඇත.
දේශීය වෙළඳපළේ විශාල වශයෙන් ඉහල ගොස් ඇති සහල් මිල මෙම සහල් තොග ආනයනය සමඟ පහළ යනු ඇති බව සහල් ආනයනකරුවන් විශ්වාසය පළ කරති.
මෑතකදී සහල් කුඩා මෝල් හිමියන්ද කියා සිටියේ ඉන්දියාවෙන් සහල් ආනයන කළ කළ හොත් රුපියල් 135ක පමණ මුදලකට වෙලදපලලේ අලෙවි කළ හැකි වනු ඇති බවය.
මෙරට වෙලදපලේ මේ වන විට නඩා සහල් උග්‍ර හිගයක් පවතින අතර මිලද කිලෝව රුපියල් 240 ඉක්මවා ගොස් ඇත.
එම තත්වය පාලනය සදහා රජය තීරණය කර ඇත්තේ ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමටයි.
මෙම සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද සිට ලක් සතොස හරහා ටෙන්ඩර් කැදවා ඇති අතර දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකිය.
එම සහල් ලක් සතොස අලෙවි සැල් හරහා මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හා සාමාන්‍ය තොග වෙළෙඳ සැල් හරහාද බෙදා හැරීමට සැලසුම්කර ඇත.
උත්සව සමයට පෙර මෙම සහල් වෙළෙඳ පොලට නිකුත් කිරීමට රජය අපේක්ෂා කරයි.
Lanka C news