මහනුවර නගරයට පදික වෙළඳාම සඳහා අලුතෙන් අවස්ථා නෑ
මහනුවර නගරයට පදික වෙළඳාම සඳහා අලුතෙන් අවස්ථාව ලබා නොදීමට තීරණය කළ බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.
ඒ අනුව මේ වනවිට සිටින පිරිස සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන ලබාගැනීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කළ බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
නැවත පැමිණීම වැළැක්වීමටත්, සිටින පිරිස හඳුනාගැනීමටත් සිටින පිරිස ක්රමානුකූල වැඩසටහනක් ඔස්සේ පදික වෙළඳාමෙන් ඉවත් කිරීමටත් තීරණය කළ බවයි අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.