වගා නොකළ ඉඩම් යළි රජයට
සංවර්ධනය කර නොමැති බලපත්ර සහිත ඉඩම් නැවත රජයට පවරාගෙන සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට රජය සැලසුම් කර ඇත.
ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඊට අදාළ තොරතුරු මේ දිනවල ග්රාම නිලධාරීවරුන් හරහා ලබා ගන්නා බව ද පැවැසේ.
පදිංචි වී හෝ කිසියම් සංවර්ධන කටයුත්තකට යොදාගෙන නොමැති බලපත්ර සහිත ඉඩම් මෙලෙස රජයට පවරාගෙන ඒවා ඉඩම් නොමැති අයට ලබාදීමට සැලසුම් කර තිබේ.
අනුරාධපුර දිස්ත්රික්කයේ සංවර්ධනය කර නොමැති ඉඩම් සම්බන්ධව ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු රැස් කෙරේ.
අරුණ