ආනයනික සහල් කන්න බෑ කියලා මිනිස්සු කරලා තියෙන වැඩේ
දඹුල්ල වෙළෙඳපොළට ලැබී ඇති ආනයනික සුදු කැකුළු සහල් පාරිභෝගිකයන් විසින් ප්රතික්ෂේප කරන බවත් ඒවා පාලන මිලට අලෙවි කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් වෙළෙඳසල් හිමියෝ පවසති.
එම ආනයනික සුදු කැකුළු සහල් මිලදීගෙන නිවසට රැගෙන යන ඇතැම් පාරිභෝගික ජනතාව නැවතත් වෙළෙඳසලට ගෙනවිත් බාරදෙන බව ද ඔවුහු සඳහන් කරති.
එලෙස එම සහල් සඳහා ඉල්ලුමක් නොමැති වීමෙන් වෙළෙඳුන්ට අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ.
ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් දඹුල්ල වෙළෙඳපළට ලැබෙන විට රුපියල් 212 ශත 50ක වියදමක් යන බවද වෙළෙඳසල් හිමියෝ පෙන්වා දෙති.
එහෙත් රජයේ අති විශේෂ ගැසට් පත්රය අනුව ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 210ක සිල්ලර මිලකට අලෙවි කළ යුතු වේ.
කෙසේ වෙතත් පාලන මිල ඉක්මවමින් රුපියල් 215 මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවද ඔවුහු සඳහන් කරති.
– කේ. කේ. අරියදාස – දඹුල්ල