තවත් ගුවන් යානයක් 200ක් වැඩ කරන කර්මාන්ත ශාලවක් මතට කඩා වැටෙයි.මෙන්න CCTV දර්ශන
2025 අවුරුද්ද උදාවෙනවත් එක්කම නොනවතින ගුවන් අනතුරු පෙළක් අපිට අහන්න ලැබුනා. ඉන් සංවේදී ම සිදුවීම තමයි ජීවිත 179ක් අහිමි කරමින් කඩා වැටුන ද.කො. ගුවන් අනතුර.
නොනවතින ගුවන් අනතුරු පෙලේ තවට් එකක් , මීට ටික වේලවකට පෙර ඇමරිකාවේ කැලිෆෝනියාවලින් වාර්තා උනා.
ඩිස්නිලන්තයේ සිට (කිලෝමීටර් 10ක්) දුරින් පිහිටි ඔරේන්ජ් ප්‍රාන්තයේ ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු දෙකකටත් අඩු කාලයකදී මෙම කුඩා ගුවන් යානය කඩා වැටී තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් 18ක් තුවාල ලබා තිබෙන බවයි වි.මා. වාර්තා කරන්නෙර්
අවම වශයෙන් පුද්ගලයින් 200 ක් පමණ වැඩ කරමින් සිටි දකුණු කැලිෆෝනියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ගොඩනැගිල්ලක වහලය හරහා මෙම යානය කඩා වැටී ඇහි බවට වාර්තා වනවා.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ඔවුන් සිටියේ ගුවන් යානයේ ද නැතිනම් ගොඩනැගිල්ල තුළ ද යන්න මෙතෙක් අනාවරණය වී නෑ.