අපරා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂගෙන් ප්රශ්න කිරීම අරබයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
ඒ අද දිනයේ එහි පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් කර තිබූ දැනුම් දීමක් මතයි.
අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමක් ගැන සිදු කරන විමර්ෂණයකට අදාලව ඔහුගෙන් ප්රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.