අලුත් ආණ්ඩුවේ මේ වසරේ වියදම මෙන්න
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,218ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
රු බි 382ක ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත වෙන්කර ඇත.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 206ක මුදලක් වෙන් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 412.9ක් වෙන් කෙරේ.
මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රු. බි 484.9ක මුදලක් වෙන්කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා රු බි 83.8ක මුදල් වෙන්කර ඇත.
-aruna