ලංකාවේ දුම්රිය මැදිරියක පත්වාගෙන යන ස්පා එක.
සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාප්ත වෙමින් පවතින දුම්රියක් තුළ සම්බාහන සේවා සැපයීම සම්බන්ධ වීඩියෝවක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ අවධානය යොමු කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අද (17) පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය කළේය.
එහිදී ඔහු පැවසූ අන්දමට, මෙම සම්බාහන සේවාව හේතුවෙන් දුම්රියට යම් අලාභ හානියක් සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. එවැනි අලාභ හානියක් හඳුනාගත හොත්, එම මුදල් දුම්රිය කුලියට ලබාගත් ආයතනවලින් අයකර ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
පරීක්ෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට, පෞද්ගලික ආයතනයක් විසින් සංචාරකයන් රැගෙන යන බව පමණක් දන්වා මුදල් ගෙවා දුම්රිය මැදිරි වෙන්කරවාගෙන මෙම සම්බාහන සේවාව පවත්වා ඇත. කෙසේ වෙතත්,
මෙම ගමනේදී සම්බාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර හෝ අවසර ඉල්ලා නොමැති බව තහවුරු වී තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ මෙවැනි සම්බාහන සේවාවන් දුම්රිය තුළ පවත්වා යාමට නීතිමය අවසරයක් නැති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර, අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම්ව සිටින බව ඔහු අවසානයේදී සඳහන් කළේය.
උපුටා ගැනීම – ගොසිප් ලංකා නිව්ස්