තරුණයෙක් අබිරහස් ලෙස මි යයයි
මාවනැල්ල, බෙලිගම්මන ප්රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පුඬළුඔය ප්රදේශයේ පදිංචි, පෞද්ගලික ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙකි.
අද අලුයම ඔහුගේ කාමරයෙන් ජලය පිටාර ගලනා ආකාරය දුටු හෝටලයේ කළමනාකරු කළ සොයා බැලීමකදී තරුණයාගේ මළසිරුර දැක ඇත.
පොලීසිය පැවසුවේ, ඔහු සිටි කාමරයේ පානය කර ඉතිරි වූ මත්පැන් බෝතලයක්, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්, කරාබු ජෝඩුවක් සහ ඖෂධ වර්ග කිහිපයක්ද හමුවී ඇති බවය.
සිද්ධිය සම්බන්ධ මහෙස්ත්රාත් පරීක්ෂණය මාවනැල්ල වැඩබලන මහෙස්ත්රාත්වරිය පැවැත්වූ අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.
ada derana
