නොරොච්චෝල පූර්ණ වශයෙන් බිද වැටේ. විදුලිය කැපිල්ල අරඹයි
අද විදුලි පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවය මැද නොරොච්චෝල බලාගාරය පූර්ණ වශයෙන් බිද වැටී තිබේ.
ඒ හේතුවෙන් එහි විදුලි ජනන යන්ත සියල්ල පද්ධතියෙන් ඉවත් වී ඇත.
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීම් තව දුරටත් වාර්තා වෙමින් ඇත්තේ ඒ හේතුවෙනි.
මෙම තත්ත්වය මත නොරොච්චුවල බලාගාරය යළි පද්ධතියට එක් කරන තුරු ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සදහන් කලේය.
බලාගාරය පූර්ණ වශයෙන් අක්‍රීය කිරීමට සහ යළි පණ ගැන්වීමට දින තුනක හෝ හතරක කාලයක් ගතවෙයි.
උපුටා ගැනීම – Lanka c news