දහස් ගාණක සේවකයින් සිටින ඇඟලුම් කම්හලක් එක වට්ස්ඇප් පණිවිඩයකින් වසා දමයි
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.
පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි.
මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.
ada derana