අනුදි වෙනුවෙන් ඔබගේ සහයෝගය දැක්වීමට අවසාන සහ වටිනාම අවස්ථාවක්.
අනුදිට ඔබේ සහයෝගය අත්‍යවශ්‍යම මොහොතයි මේ 
ලෝක රූ රැජිණ තරඟාවලියේ අවසන් හතළිස් දෙනා අතරට ඍජුවම තෝරාපත්වන අවසාන තරඟකාරිනිය තෝරන Multimedia Challenge වටය, මේ වනවිට අතිශය තීරණාත්මක අවදියකට පැමිණ තිබෙනවා. එහි අවසන් අභියෝගය ලෙස, තරඟකාරිනියන් විසින් රූ රැජිණක් ලෙසින් තමන්ගේ මෙතෙක් ගමන පිළිබඳව Miss World App එක තුළ පළකරන ලද පෝස්ටුවට වැටෙන කමෙන්ට්ස් සංඛ්‍යාව අතින්, අනුදිව පරයමින් අනෙක් තරඟකාරිනියන්ගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් සංඛ්‍යාව සීඝ්රයෙන් වැඩිවෙමින් තිබෙනවා. එබැවින් ලංකාව නියෝජනය කරන අනුදි වෙනුවෙන් මේ අවස්ථාවෙදී ශ්‍රී ලාංකික ඔබ සැමගේ උපරිම සහයෝගය සහ උත්සාහය අපි අපේක්ෂා කරනවා. තරඟවටය හෙට දින වනතුරු විවෘත බැවින් ඔබ සියළුදෙනාගෙන්ම හැකි පමණ, වැඩි වැඩියෙන් පහතින් දක්වා ඇති පෝස්ටුවට කමෙන්ට් කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඔබේ දුරකථනයේ Miss World App එක තිබේ නම්, කෙළින්ම ඇප් එකට පිවිස, Anudi Gunasekara විසින් පළකර ඇති My Miss World Journey යන වීඩියෝවට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් Web Browser එකක් භාවිතයෙන් මෙය කරන්නත් පුළුවන්.
සැ.යු: ලින්ක් එක හරහා යන්නේ නම් ඔබ මුලින්ම ඔබේ Miss World Account එකට log විය යුතුයි. නැතිනම් එය Anonymous comment එකක් ලෙස පළවී approval එකකට යනු ඇත. එනිසා පහසුම දේ කෙළින්ම ඇප් එක හරහා කමෙන්ට් පළ කිරීමයි.
අනුදි සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබගේ සහයෝගය දැක්වීමට ඇති අවසන් සහ වටිනාම අවස්ථාව මෙයයි 
