රත්රන් මිලදී ගන්න ඉන්න අයට උදේම අහන්න ලැබෙනු සතුටු හිතෙන ආරංචිය
පසුගිය දිනවලට සාපේක්ෂව, 2025 ඊයේ (04) දින මෙරට වෙළඳපොළේ රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 1,011,032 දක්වා අඩු වූ බව වාර්තා විය.
එමෙන්ම, කැරට් 22 ග්රෑම් 8ක මිල රුපියල් 261,600 දක්වා පහළ ගියේය.
මේ අතර, කැරට් 22 රන් ග්රෑම් 1ක මිල රුපියල් 32,700 දක්වා අඩු වී තිබේ.
කැරට් 24 රන් ග්රෑම් 1ක මිල රුපියල් 35,670ක් ලෙස සටහන් වූ අතර, එයද සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම් කළේය.