මාලිමාව පාස්කු ප්ර හාරයේ පරීක්ෂණ ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එන කිසිදු නිර්දේශයක් මේ දක්වා ක්රියාත්මක කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ අනුව යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති කිසිවක් මේ දක්වා ක්රියාවට නංවා නොමැති බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ.
තමා විසින් තමන්ගේ ඕනෑකම මත පවරන ලද නඩු කිහිපයකින්, වින්දිතයින්ට අදාළ වගකිව යුතු පුද්ගලයින්ගෙන් දඩ මුදල් අය කර ගැනීමට හැකිවූවා මිස, මෙතෙක් කලක් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් සිදු නොකර සිටීම ලැජ්ජා සහගත බව කාදිනල් හිමිපානන් සඳහන් කළා.
එසේම වත්මන් රජය වන ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය තමා වෙත ඉදිරිපත් කරමින්, පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම හා ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් හෝ දියත් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.
helakuru