ඊශ්‍රායල් රැකියාවල යන්න ඉන්න අයට දුක හිතෙන ආරංචියක්
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යෙදවීම රජය තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පූර්වාරක්ෂාව සඳහා මෙම තීරණය ගත් බවයි.
ඔහු ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ එරට තානාපති කාර්යාල සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගන්නා ලෙසයි.
“අපි අවශ්‍ය ක්ෂණික දුරකථන අංක ලබා දී තිබෙනවා. කිසියම් ගැටළුවක් ඇති වුවහොත්, අප හා සම්බන්ධ වීමට කිසිදු බාධාවක් නැහැ. අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි,” ඔහු තවදුරටත් පැවසීය.
lanka c news