ඉරානයට වටකර ගහයි.. G7 රටවලින් ඒකාබද්ද ප්‍රකාශයක්
ඉරානය ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වී ඇත G7 නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඔවුන් කියා සිටින්නේ ඊශ්‍රායලයට තමාව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බවයි ඉරානයට කිසි විටෙක න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවයි.
කලාපීය ආතතීන් අඩු කර මැද පෙරදිග ස්ථායීතාවයට හානි නොකරන ලෙස ඔවුන් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටී.
ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමේ අයිතිය ඇති බවත් එසේම, ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ සහයෝගය යළි අවධාරණය කර ඇත.
ප්‍රකාශයට අනුව, සිවිල් වැසියන්ගේ ආරක්ෂාවේ වැදගත්කමද G7 නායකයෝ තහවුරු කරති.
ඉරානය කලාපීය අස්ථාවරත්වයේ සහ ත්රස්තවාදයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස නම් කර ඇත.
G7 රටවල් අවධාරණය කර ඇත්තේ ඉරානයට කිසි විටෙක න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවයි.
ඉරාන අර්බුදයට විසඳුම් සෙවීමෙන් ගාසා තීරයේ සටන් විරාමයක් ඇතුළුව මැද පෙරදිග සතුරුකම් පුළුල් ලෙස අවසන් වනු ඇතැයි ඔවුහු ඉල්ලා සිටිති.
ජාත්‍යන්තර බලශක්ති වෙලඳපොළට ඇති විය හැකි බලපෑම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව G7 නායකයෝ පවසති.
වෙළඳපොළ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා සමාන අදහස් ඇති හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීමට සූදානම් බවද ඔවුහු ප්‍රකාශ කරති.
lanka c news