ගාල්ලට ආසන්න ඉහළ අහසේ ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්
මේ වෙද්දි ගාල්ලට ආසන්න මුහුදු තීරය උඩ US Navy එකට අයත් MH – 60S Knighthawk හෙලිකොප්ටර් යානයක් එහාට මෙහාට යනවා track කරගන්න පුලුවන්. නමුත් US Navy helicopter එකක් ඇයි ගාලු මුහුදට උඩ සැරිසරන්නේ කියන ප්‍රශ්නයට උත්තරය තමයි මේ වෙද්දි USA වලට අයත් USS Nimitz කියන Aircraft Carrier එක South Indian Sea එකේ ඉඳලා Middle East Sea එක දක්වා ගමන් කරමිනුයි ඉන්නේ. සරලව කිව්වොත් මේ වෙද්දි ඉරානය සහ ඊශායලය අතර ඇතිවෙලා තියෙන යුද්ධයේදී, අවශ්‍යතාවක් ඇති උනොත් ඉරානයට පහර දීම වෙනුවෙන් තමයි මේ Military Ship එක ඉරානය ආසන්න මුහුදට ගමන් කරමින් ඉන්නේ කියලයි තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් වාර්තා වෙන විදිහට මේ වෙද්දි මේ ship එක ලංකාවට ආසන්න මුහුදෙන් ගමන් කරන නිසා ඊට අවශ්‍ය ගුවන් ආරක්ෂාව ලබා දෙන්න තමයි මේ විදිහට US Navy එකේ helicopter එකක් ගාල්ලට ආසන්න අහසේ සැරිසරන්නේ කියලා අපට අනුමාන කරන්න පුලුවන්. ( ship එක ඉන්දියන් සාගරයට ඇතුල් උනා කියලා පැය භාගයකට විතර කලින් report වෙලා තිබ්බා )
නමුත් Military Ship එකේ නම් tracking off කරලා තියෙන නිසා ඒක ස්ථාන ගතවෙලා තියෙන්නේ කොහෙද කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. කෙසේනමුත් ඇමෙරිකාව නිවේදනය කරලා තියෙන්නේ හදිසියේ හරි ඉරාන මුහුදේදී මෙම Ship එකට ඉරානය විසින් ප්‍රහාර එල්ල කලොත්, ඇමෙරිකාව මෙම යුද්ධයට සෘජුවම මැදිහත් වෙනවා කියලයි. එහෙම කියන ඇමෙරිකාව ඊළඟ අවුරුද්දේදි විශ්‍රාම යන්න තියෙන එයාලගේ පරණම military ship එක වෙන Nimitz එක ඉරානය ආසන්නයට යවන්නේ බිල්ලක් විදිහට කියලයි බොහෝ දෙනා අර්ථකතනය කරන්නේ. ඒ වගේම තවත් දෙනා පවසන්නේ ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවනින් දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත්, ඒ සඳහා ඔවුන්ට US B2 Bomber යොදාගැනීමට සිදුවනු ඇති බවත්ය. එමනිසා මෙම Military ship එක ඉරානය ආසන්නයට ගෙන ඒමට ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
කොහොමහරි මේ US Navy helicopter එක track කරලා ගොඩක් අය බයවෙලා තිබ්බා. මොකද වෙන්න යන්නේ කියලා. ඒකයි මේ විස්තරය පලකරන්නේ. දැනුවත් වෙන්න.
සැ.යු: ස්ථිරවම මේ ship එක ගාල්ලට හෝ ලංකාවට ආසන්නයෙන් යනවා කියන්න බැහැ. US helicopter එකේ movements අනුව සහ ship එක අද middle east sea එකට යනවා කියලා තිබ්බ නිසා අපිට අනුමාන කරන්න පුලුවන්.
✍️ සටහන Kavindu Gamlath