ලග්න කිහිපයක් ලක්ෂ පතියන් කරන ඉදිරි සතියේ ලග්න පළාපල මෙන්න
ගෙවුණු සතිය ඔබ ගත කළේ ජයග්‍රාහී ලෙසද..? නැත්නම් පෙරට වඩා මන්දගාමී වුණු සතියක්ද..?
ඒත් ඔන්න දැන් මේ සතිය ගැන ඔබට දැනගන්න අවස්ථාව තියනවා..
මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්… එළඹෙන සතිය ඔබට කොහොමද..? ඔබත් මේ කියවෙන ප්‍රතිඵල අනුව ඔබගේ මේ සතිය සැලසුම් කරගන්න, ඔබේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න..
මේෂ
තරගකාරී සතියක්
විශේෂ සැලසුමකට කටයුතු සූදානම් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ අය අතර කැපී පෙනෙන කාලයකි. එමෙන්ම පවුලේ කෙනෙකුගේ වගකීමක්ද තමා පිට පැවරෙයි. පැවැති උදාසීන ගති මඟහැරී යයි. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන කාලයති. ආගම දහමට ළැදිව කටයුතු කරයි.
රැකියාව
රැකියාවේ වගකීම් වැඩි කරයි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු නිසියාකාරව කරගෙන යයි. තනතුරු මාරුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් සුබපල අත්නොකරයි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. වෙනදාට වඩා අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය දරණ කාලයකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට වගකීම් වැඩි කරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි. නිතර ඇතිවන, කැස්ස, පෙනහලු ආශ්රිත ආබාධ නිසා පීඩාගෙන දෙන බවක් පෙනේ. එමෙන්ම කොන්ද ආශ්රිත ආබාධයකටද ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරිවන්න.
අය 07 වැය 05
ජය අංකය – 04
ජයවර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
අමතර ගමන් බිමන්
වෘෂභ
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගේ දොර කටයුතුවල දියුණුවක් දැකිය හැකි කාලයකි. පැවැති සතුරු කරදරයකින් නිදහස උදාකරයි. සහෝදර සහෝදරියන්ට ළැදි වෙයි. අමතර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවනු ලකුණු පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. තනතුරු නිලතල අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. අමතර වගකීම් බහුල රැකියා මාර්ගවලට අවස්ථාව සැලසේ. සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා ලැබීම්වලට හේතු වන කාලයකි.
අධ්‍යාපනය
වෙනදාට වඩා පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. භාෂා ශාස්ත්‍රය, සාහිත්‍ය අංශ වැඩිදුර අධ්‍යාපනය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
උදරාබාධ, සෙම්දෝෂ වරින්වර මතුවීමට ඉඩ ඇත. පරම්පරාගත රෝගයක් මතුවීමෙන් හදිසි ප්‍රතිකාර පතයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද අවධානය යොමු කළයුතු සතියකි.
අය 06 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – දම්
සුබ දවස – සඳුදා
මිථුන
සහජ දක්ෂතා මතුවෙයි
අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6, 7යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් පැවැති වගකීමකින් නිදහස උදාකරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් ලැබිය හැකියි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
රැකියාව
උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ කටයුතු උදෙසා පදිංචියෙන් පිට වාසයට හේතු සැලසේ.
අධ්‍යාපනය
සහජ දක්ෂතා ඉස්මතුවන කාලයකි. ගණිත, තාක්ෂණ අංශ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. විශේෂ පාඨමාලාවකට යොමුවීමට ද ඉඩ ඇත.
සෞඛ්‍යය
සෙම් දෝෂ බලවත්වීමෙන් පපුවේ මහන්සිය, හතිය ආදී රෝගපීඩා මතුවිය හැකියි. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවෙයි.
අය 06 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – කහ
සුබ දවස – සඳුදා
කටක
උසස් තනතුරු ලාභ
ගෘහ ජීවිතයේ කටයුතු අධිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තරමක් දුරට ඉවසීමෙන් කටයුතු කළයුතු සතියකි. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. පැවැති ගැටලුකාරි බවක් සමතයකට පත්වන ලකුණු පෙනේ. දැහැමි කටයුතුවලට යොමුවන කාලයකි. එහෙත් හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී පවුලේ වගකීමක් තමා වෙත පැවරීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ උසස් තනතුරු, අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති වෙනසකාරි බව මඟහැරී යයි. අණදෙන ක්ෂේත්රයේ රැකියා මාර්ගවලට හේතු යෙදෙන බවක් පෙනේ. අතමිට සරුකරන සුළු සුළු ස්වයංරැකියා ලැබීම්වලට ඉඩ ඇති කාලයකි.
අධ්‍යාපනය
තරග විභාගයකට සම්බන්ධ වීමට කටයුතු උදාකරයි. නිතර නිතර පොත්පත් කියවීමට ආශාවක් දක්වයි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන්, උත්සාහයෙන් කරගෙන යන බවක් පෙනේ.
සෞඛ්‍යය
නිතර ඇතිවන උරහිස ආශ්රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත්වන්න.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – නිල්
සුබ දවස – බදාදා
සිංහ
රැකියා බාධා මඟහැරේ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4 ,5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උත්සාහවන්ත විය යුතු බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි. ළඟින් ඇසුරුකරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ කටයුතුවලට පැවැති බාධා කිහිපයක් මඟහැරී යයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින්ද අතමිට සරුකරන බවක් පෙනේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධා කිහිපයක් මඟහැරී යයි. වරින්වර අලුත් දේ ඉගෙනීමට පෙලඹෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් දැරීමට සිදුවෙයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. චර්මගත ආබාධයකට ද ඉඩකඩ ඇති කාලයක් වන අතර ආහාරපාන ගැනීමේදී විමසිලිමත්වන්න.
අය 07 වැය 05
ජය අංකය – 02
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සිකුරාදා
කන්‍යා
අතමිට සරුවෙයි
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පැවැති අඩුපාඩු කිහිපයක් සපුරා ගැනීමට හැකිවන සතියකි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පැවැති නොසන්සුන්කාරී ගතිපැවැතුම් මඟහැරී යයි. දේපොළ ගනුදෙනුවකට කටයුතු උදාකරන සතියකි. පරම්පරා ගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාවෙයි.
රැකියාව
අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හේතු සැලසේ. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමෙන් අතමිට සරුකරන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. දැනුම, බුද්ධිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ. භාෂා ශාස්ත්‍රයට, සාහිත්‍ය අංශවලට විශේෂ දක්ෂතාවයක් දක්වයි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන කාලයකි.
සෞඛ්‍යය
නින්දයාම අඩුවීම, පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි. සතිය මැද කාලයේදී පාදයේ හට ගන්නා ආබාධයකටද ප්‍රතිකාර පතයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.
අය 06 වැය 03
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස – සඳුදා
තුලා
අලුත් රැකියා අවස්ථා
අමරත ගමන්බිමන් බහුල කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වරින්වර අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කරයි. ගේ දොර අඩුපාඩු කිහිපයක් සපුරා ගැනීමට අවස්ථාව උදා කරයි. කල්ගත වූ ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන සතියකි. අනාථ අසරණ අයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.
රැකියාව
රැකියා කරන ස්ථානයේ තරමක් ඉහළින් සිටීමට කරුණු උදා කරයි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි. පරම්පරා ගත රැකියාවකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ ස්ථාන මාරුවීම්, තනතුරු මාරුවීම්වලට ඉඩ ඇති කාලයකි.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතුවලට උනන්දුවක් දක්වයි. පොත්පත් කියවීමට වැඩි කැමැත්තක් දක්වයි. ඥාන ශක්තිය වැඩිදියුණුවන අන්දමේ කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. කලා අංශයට ළැදි කාලයකි.
සෞඛ්‍යය
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම සෙම් අමාරු, කනේ අමාරු ආදියට ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි අජීර්ණ ආබාධයක් හට ගැනීමෙන් කටයුතු කිහිපයක් වෙනස් කිරීමට සිදුවෙයි.
අය 05 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘශ්චික
අලංකාරයට ප්‍රිය කරයි
අමතර වගකීම් කිහිපයක් දැරීමට සිදුවන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 12,1, 2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා බාහිර අලංකාරයට කැපී පෙනීමට කැමැති කාලයකි. විශේෂ අමුත්තකුගේ හමුවීමක් සිදුකරයි. වෙනදාට වඩා වියදම් අධිකවන කටයුතු කීපයක් යෙදේ. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි.
රැකියාව
ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම රැකියාවට අමතර ලැබීම් හිමිකරන මාර්ග යෙදෙන කටයුතු කිහිපයක් යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට අතමිට සරුකරන ආදායම් මාර්ග හිමිකරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක සතියකි. කලා ක්ෂේත්රයේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. නිතර පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් සකස්කර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරිවන්න. එමෙන්ම වරින්වර ඇතිකරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා
ධනු
ඥාති හමුවක්
අලුත් හිතවත්කම්වලට කරුණු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හිතුවක්කාර ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. කැපී පෙනීමට කීර්තියට කැමැති කාලයකි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙනේ. දුර ඥාතියකුගේ හමුවීමක් සිදුකරයි. වරින්වර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට කරුණු උදාකරයි.
රැකියාව
අලුත් රැකියා හිමිකම් ඇති කාලයකි. රැකියා ස්ථානයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා කටයුතුවලට හේතු යෙදෙන බවක් පෙනේ.
අධ්‍යාපනය
ඉගෙනීමට පැවැති බාධාකාරි බව මඟහැරී යයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට කාලයත්, ශ්‍රමයත් වැය කරයි.
සෞඛ්‍යය
නින්දයාම අඩුවීම, පීනස වැනි සෙම් රෝග නිසා පපුවට බලපාන්න ඉඩ තිබේ. ආහාරපානවලින් සහ ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා කාලයකි.
අය 08 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය -කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
මකර
සහෝදර බැඳීම් වැඩිකරයි
පවුලේ කටයුතු පිළිබඳ සැලකිලිමත්විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරන සතියකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පරම්පරාගත දේපලක් සම්බන්ධ ගැටලුවකින් නිදහස උදා කරයි. සහෝදර බැඳීම් වැඩිකරන සතියකි. නැති වූ දෙයක් නැවත හිමිකරන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යයි. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හේතු සැලසේ. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට අවස්ථාව උදාකරයි. තනතුර, අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.
අධ්‍යාපනය
ඉගෙනීමට විශේෂ දක්ෂතා දක්වයි. පොත්පත් කියවීමට වැඩි කැමැත්තක් දක්වන සතියකි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයට කරුණු ඇතිකරයි. ගණිත අංශයට, තාක්ෂණික අංශයට විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සියට කරුණු ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – රතු
සුබ දවස – සිකුරාදා
කුම්භ
විශ්වාසවන්ත ඇසුරක්
වගකීම් බහුල සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. විශ්වාසවන්ත බැඳීමකට කරුණු සැලසේ.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන සතියකි. කරගෙන යන රැකියාවට අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි.
අධ්‍යාපනය
උත්සාහයෙන්, උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි. නිතර නිතර තරගකාරි කටයුතුවලට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. දැනුම සොයායන මාර්ගවලට වෙහෙසෙන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන සතියකි. කොන්ද හෝ උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. උෂ්ණාධික අසනීප තත්ත්වයකින් පීඩා අත්කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනයවීමට සිදුවන සතියකි.
අය 05 වැය 03
ජය අංකය -02
ජය වර්ණය – කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
මීන
උසස් අයගේ උපකාර
වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනසක් සිදු කරයි. වැඩිහිටියකු සමඟ පැවැති සිත් අමනාපයක් මඟහැරී යයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. අමතර ගමන් බිමන් බහුල කාලයකි. සමාජයේ තරමක් ඉහළින් වැජඹී සිටීමට අවස්ථාව උදාකරයි. උසස් අයගේ උපකාර හිමිකරන කාලයකි.
රැකියාව
රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදී අතමිට සරුකරන ස්වයංරැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු උදෙසා පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් කාලයකි. නව දැනුම සොයා යන මාර්ගවලට වෙහෙසෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. තරමක කරදර බාධා යෙදුණත් ඉගෙනීමට කටයුතු සාර්ථක කරගන්නා බවක් පෙනේ.
සෞඛ්‍යය
පැවැති ශාරීරික වෙහෙස මහන්සිය මඟහැරී යයි. එහෙත් වරින්වර අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අධි රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – ළා නිල්
සුබ දවස – සිකුරාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..
