ඇමති විජිත හේරත් ඉන්දීය තරු සමඟ සාකච්ඡාවක
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගියදා ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් හමුවූණා.
ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේදීයි.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කර ගෙන කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය ගැන මෙන්ම සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වී තිබෙනවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නා සුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදන වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූණා.