අත් අඩංගුවට ගත් දමිත් අසංකට ඇප
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජනප්රිය ගායක දමිත් අසංක, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
වැල්ලවාය පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් ඒ මහතාව වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී විභාග වූ නඩුවෙන් අනතුරුව, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
