නොසිතූ ගණනකින් බිත්තර මිල පහළ යයි බිත්තර කන අයට ගජ වාසියක්
බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප මහතා පඬුවස්නුවර ඊයේ (10 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.
බිත්තර මිල ඉහළ දැමීමේ අරමුණ ඇතිව මහා පරිමාණ බිත්තර නිෂ්පාදනයන් කීපදෙනකු රට තුළ නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලට ගෙන ඒවා වෙළෙඳපොළට නොයවා ගබඩා කර තබා ගනිමින් ව්‍යාජ ලෙස රට තුළ බිත්තර හිඟයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බව ද මෙම මාෆියාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා කඩා වැටීමට ලක්වන බව ද හෙතෙම පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා රැක ගැනීමේ අරමුණින් බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බව ද හෙතම කියා සිටියේය.
ඒ අනුව ඔවුන් සුදු බිත්තරයක් රුපියල් 18කට ද, රතු බිත්තරයක් රුපියල් 20කට ද අලෙවි කිරීමට තීරණය කර තිබේ.
divaina