මට සර් කියන්න එපා කී අපූරු අධ්යයක්ෂකවරයා
ගරු කල යුතු මිනිසුන්ට ගරු කල යුතුයි.හැබැයි සර්,මැඩම් කියන එක අත්‍යාවශ්‍යද?
මම විදේශ පුහුණුවට ගිහින් වැඩ පටන් ගනිද්දි මගේ යුනිට් එකේ ප්‍රධාන වෛද්‍යවරයට මම ”සර්” කියලා කතා කලාම, ඒ මනුස්සයා හරිම කරුණාවෙන් මට පැහැදිලි කලා එහෙම කතා නොකරන ලෙසට.
‘’Deepal, please call me by my name. It’s Jamie. You don’t have to call me sir’’
ඒත් මට කාලයක් යනකල්ම ඒ වගේ නිකම්ම නම කියලා කතා කරගන්න බැරි වුනේ එහෙම පුරුද්දක් ලංකාවේ අපිට නැති නිසා. කොටින්ම මම එහෙන් එනකල්ම මට එයාට නිකම්ම ජේමි කියන්න බැරි වුනා.
මම හිටපු රෝහලේ තත්වය අනුව වෙන් කරපු වැසිකිලි, චේන්ජින් රූම්, කැන්ටීන් එහෙම තිබුනෙත් නැහැ. විශේෂඥ වෛද්‍යවරයාගේ සිට ක්ලීනින් කරන මනුස්සයා දක්වා හැමෝම ඇඳුම් මාරු කලේ එකම ලොකර් රූම් එකක. කැන්ටීන් එකේ හැම කෙනෙක්ම සුහදව කතා කරමින් කෑම කෑවා, කෝපි බිව්වා. හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර්ට උදේ පාන්දර පොලව පොලිශ් කරන මනුස්සයා මුණ ගැහුනම කතා කලේ මෙහෙම.
ඩිරෙක්ටර් – Hello, Good morning. It’s a lovely day right!!!
ක්ලීනර් – It sure is. Have a wonderful time. Cheers
අපේ රටේ සමාජ තත්වයන්ට මිනිස්සු විසින්ම ලබා දෙන අසීමිත ගරුත්වය නිසාම තමයි ලංකාව මේ වගේ තත්වයකට වැටිලා තියෙන්නේ. ඉහල තනතුරු දරන අය හිතාගෙන ඉන්නේ තමන්ට වඩා තනතුරෙන් පහලින් ඉන්න සියලු දෙනා ඒ අයව දැක්කමත් පුටුවෙන් නැගිටලා, ඔලුව පහත් කරගෙන, ”යස් සර්” කියාගෙන ඉන්න ඕනේ කියලා. එහෙම නොකරන ඕනෙම කෙනෙක් රාජ උදහසට පත් වෙන්න පුලුවන් නිසා, හැම කෙනෙක්ම ජාමේ බේරගෙන ඔලුව පහත් කරගෙන ඉන්න එක ලංකාවෙ දැන් පුරුද්දකට ගිහින්. ඒ වගේම මේ විදියට තැලෙන පෙලෙන මිනිස්සු තමන්ට ඒ ලැබෙන පීඩනය පිට කරන්නේ ඊට වඩා පහලින් ඉන්න කෙනෙක්ගෙන්. උදාහරණයක් විදියට වාට්ටුවේ ලොකු ඩොක්ට, පොඩි ඩොක්ටට ලොකුකම් පෙන්නුවම, ඒ පොඩි ඩොක්ට තමන්ගේ තරහව පිට කරගන්නේ ලෙඩා ගෙන්. Vicious Cycle එකක් වගේ මේ දේ වටේට කරකැවෙනවා.
රටේ ඉහලම තනතුරු දරන මිනිස්සු තමයි මෙච්චර කාලෙකට මේ ජරා සිස්ටම් එකෙන් ඉහලම ප්‍රයෝජන අරගෙන තියෙන්නෙ. තමන් රටේ ඉන්න සියලුම පුරවැසියන්ට වඩා වෙනස්, විශේෂ, වටිනා කියන වස්තූන් කියලා තදින්ම හිතාගෙන ඉන්න මේ පිරිස ඒ අයට වෙනමම වරප්‍රසාද සහ ගරු නම්බු ලැබිය යුතුය කියන මතය සමාජය තුලට කාවද්දලා තියෙන විදිය අප්‍රසන්නයි. මහජන සේවකයෙක් කියන්නේ ”අති ගරු” නම්බු නාමයක් දීලා, වෙඩි නොවදින වාහනේක වාඩි කරලා, තව වාහන සීයක් විතර වටේට දාලා, රැක ගත යුතු ජාතික වස්තුවක් කරන එක සාධාරණ වෙන්න තිබුනා ලංකාව මේ වෙද්දි ලෝකේ තියෙන දියුණුම රට නම්. වැඩේ කියන්නේ එහෙම දියුණු රටවල පාලකයෝ, නායකයෝ, පරිපාලකයෝ කවුරුවත් අර මම කිව්වා වගේ එහෙම විශේෂ නම්බු නාම හෝ වරප්‍රසාද බලාපොරොත්තු නොවෙන එක.
මේ තියෙන අලුත් ප්රවණතාවලින් මම දැකපු වටිනාම එක තමයි, ”කිසිම කෙනෙකුට අනවශ්‍ය සහ අහේතුක ගරු නම්බු නොදිය යුතුයි” කියන සමාජ වැටහීම. හැම කෙනෙක්ටම ජීවිතේ සහ රැකියාවේ ලැබිය යුතු ගරුත්වය එක සමාන විය යුතුමයි. කිසිම කෙනෙක් තවත් කෙනෙක්ට වඩා උසස් වෙන්නවත්, පහත් වෙන්නවත් මේක වහල් යුගයක් නෙවෙයි. ඒක රටේ උඩම තැන ඉඳලා ක්‍රියාත්මක වෙන්න ඕනේ වගේම, පොඩි කාලේ ඉඳලම හැම දරුවෙක්ටම ”හැම කෙනෙක්ටම සමානව සලකන්න” කියන ආකල්පය පුරුදු කරන්න ඕනේ.
අලුත් පරම්පරාව හෙමින් හෙමින් නිවැරදි තැනට ගමන් කරන විදිය දැක්කම ලංකාව කවදා හෝ දවසක වෙනස් වෙයි කියන හැඟීම හිතට දැනෙනවා. මේ මුල් බැහැපු හණමිටි අදහස් සතියෙන් දෙකෙන් නම් වෙනස් වෙන එකක් නැහැ කියලා දන්නවා. ඒත් අඩු ගානේ දැන් බලාපොරොත්තුවක් හරි තියෙනවා අපේ දරුවන්ට හරි, නැත්තන් එයාලගේ දරුවන්ට හරි මීට වඩා දියුණු ආකල්ප තියෙන ලස්සන ලංකාවක් ලැබෙයි කියලා.!!!!
(මෙය වෛද්‍ය දීපාල් නානායක්කාර මහතාගේ පලකිරීමකින් උපුටා ගන්නා ලද්දකි.)
