රාජ්‍ය බැංකුවක ලොක්කෙකුට සේවා දිගුවක්. පඩිය ලක්ෂ 20 යි
මෙරට ප්රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ උසස් නිලධාරියෙකුගේ සේවා කාලය දීර්ඝ කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
මේ බව සඳහන් කරමින් ලංකා බැංකු සේවක සංගමයේ නාමයෙන් පෝස්ටර් රාශියක් අද කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දක්නට ලැබුණි..
එම පෝස්ටර් වල සඳහන් වූයේ..
ජනාධිපතිතුමනි, වයස අවුරුදු 60 විශ්‍රාම නීතිය NSB බැංකුවේ ප්‍රධානියාට වලංගු නැද්ද?
NSB පරිගණක පද්ධතියේ දෝෂ වවාගෙන කන IT මහල්ලා පන්නමු..
මසකට ලක්ෂ 20 ක් ගිලින IT ප්‍රධානියා රකින්නේ NSB GM ද?
මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා අප විසින් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසූයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියාගේ වයස නොවැම්බර් මාසය වන විට අවුරුදු 60 සම්පූර්ණ වන බවත් ඔහු තවදුරටත් සේවයේ පවත්වා ගැනිමට කළමණාකාරීත්වය කටයුතු කරන බවත් ය. එමෙන්ම මෙම නිලධාරියා පසුගිය වසරේදී බඳවා ගත් එ පුද්ගලයෙකු බවත්ම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධවද තම සංගමයට ප්‍රශ්ණ පවතින බවත් ය. කෙසේ වෙතත් වයස අවුරුදු 60 ඉක්මවා රාජ්‍ය නිලධාරියෙකු ගේ සේවය දීර්ඝ කරගැනිමට අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබා ගත යුතු බවත් එවන් අනුමැතියක් ලබා ගැනීමට කලමණාකාරීත්වය කටයුතු කර නැති බවත්, මුදල් අමාත්‍යංශයේ හා රජයේ ප්‍රතිචාර සම්බන්ධව තම සංගමය අවධානයෙන් පසුවන බවත් ඔහු වැඩි දුරටත් ඔහු සඳහන් කලා.
