ගුණමකු ටික්ටොක් ගායකයාට ශිහාන් බැණ වැදී එළවාගනී
මෑතකදී සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති කළ සුවිශේෂී සිදුවීමක් වැලිසර WAVEN LAKE NAVY ශාලාවේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර වාර්තා විය. එම ප්‍රසංගයේ ගී ගයමින් සිටි ජනප්‍රිය ගායකයෙකු වන ශිහාන් මිහිරංග විසින්, ප්‍රේක්ෂකාගාරයේ සිටි අශ්නික සිල්වා නම් තරුණයාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරමින් එතැනින් ඉවත් වන ලෙස දන්වා සිටියේය.
‘ෆේක් ශිහාන්’ ලෙස ඇතැමුන් හඳුන්වන අශ්නික සිල්වා, කාලයක් තිස්සේ ශිහාන් මිහිරංගගේ බාහිර පෙනුම සහ ගායන ශෛලිය අනුකරණය කරමින් ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලබාගත් අයෙකි.
මෙම සිදුවීමට ප්‍රධාන හේතුව වී තිබුණේ අශ්නික සිල්වා විසින් මීට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ වීඩියෝවක ශිහාන් මිහිරංගගේ මවට අසභ්‍ය වචනයෙන් බැණ වැදී අපහාස කිරීමයි. අශ්නික සිල්වා මුලින් ශිහාන්ගේ ගීත ගායනා කරමින් ක්ෂේත්රයට පැමිණි විට ශිහාන් ඉතා නිහතමානීව ඔහුට සහයෝගය ලබා දී තිබූ අතර, ගීත ගායනා කිරීමට අවසර දීම මෙන්ම අවවාද අනුශාසනා ලබා දීමද සිදු කර තිබුණි.
කෙසේ වෙතත්, කලක් තිස්සේ අශ්නිකගේ විවිධ ක්‍රියාකාරකම් නිහඬව ඉවසා සිටි ශිහාන්, තම මවට කළ අපහාසය හමුවේ දැඩි තීරණයක් ගෙන තිබුණි.
ශිහාන් මිහිරංග ගීත ගයන අවස්ථාවේ ඔහුට මල් පොකුරු පිරිනමන්නට වේදිකාව අසළ දැවටෙන තරුණියන් අතරට ගිය අශ්නික ටෙඩී බෙයාර් කෙනෙකු සිය අතේ රඳවාගෙන එය ශිහාන්ට පිරිනමා සුහදතාව අරඹන්නට මෙම අවස්ථාවේ සූදානම්ව සිටි නමුත් ශිහාන් ඔහු දෙස නොබලා ගයමින් සිටි ගීතය අවසන් කර අශ්නිකට විරුද්ධව සිදු කළ ප්‍රකාශය ඔහු ඉදිරිපිට සිට කළේය.
වේදිකාවේදී අශ්නිකව ඇමතූ ශිහාන් මිහිරංග ප්‍රකාශ කළේ, “මම ඔයාට මගේ සින්දු ටික දුන්නා, උපදෙස් දුන්නා. කන්න විතරයි නොදුන්නේ. හැබැයි මල්ලි අම්මව පාවිච්චි කරන්න එපා. අම්මට බනිනකොට බලන් ඉන්න බැහැ. කරුණාකරලා මගේ අම්මව පාවිච්චි කරන්න එපා. මම ඔයාව දකින්නවත් ආසා නැහැ,” යනුවෙනි. එසේම, අශ්නික එම ස්ථානයේ රැඳී සිටින්නේ නම් තමා වේදිකාවෙන් බැස යන බවත්, තම මවට කුණුහරුපෙන් බැන වැදීමට ඉඩ දී නිවටයෙකු ලෙස සිටිය නොහැකි බවත් ශිහාන් එහිදී දැඩිව අවධාරණය කළේය.
මෙම අවස්ථාවේ අශ්නික සභාවෙන් පිටව ගියේය.
මීට අමතරව, අශ්නික සිල්වා වෙනත් අවස්ථාවකදී ප්‍රසංගයකට ඇතුළුවීමට ටිකට්පත් නොමැති වූ විට ශිහාන් මිහිරංගගේ නාමය අවභාවිතා කරමින් ඇතුළු වීමට උත්සාහ කළ බවද වාර්තා වී තිබේ. රියැලිටි තරගයකින් පැමිණ වසර ගණනාවක් තිස්සේ තම ප්‍රතිරූපය නොකැලැල්ව පවත්වාගෙන යන ශිහාන්, මෙවැනි පුද්ගලයන්ට අනවශ්‍ය අවධානයක් ලබා නොදිය යුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් ලයික් සහ කමෙන්ට් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි පුද්ගලයන්ව උලුප්පා දැක්වීමෙන් සිදුවන්නේ හානියක් පමණක් බව මෙම සිදුවීමෙන් පසක් වේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව අශ්නික සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශිහාන්ගෙන් සමාව ඉල්ලා තිබේ. තමා අතින් වරදක් සිදුවූ බවත්, අදාළ අපහාසාත්මක වීඩියෝව ඉතා පැරණි එකක් බවත් පවසන ඔහු, තමා වැරදි හදාගෙන ඉදිරියට යන බවත් ශිහාන් තම ගායන ලෝකයේ වීරයා බවත් එම සටහනේ සඳහන් කර ඇත. ශිහාන් මිහිරංග ගත් මෙම ගෞරවාන්විත නමුත් දැඩි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔහුගේ රසිකයින්ගෙන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමිව තිබේ.
gossip lanka news
