දින නියමයක් නොමැතිව නැවත කඩුගන්නාවෙන් මාර්ගය වසා දමයි
නායයෑමක් හේතුවෙන් වසා දමා තිබි යළි විවෘත කරනු ලැබූ කොළඹ – මහනුවර ප්රධාන මාර්ගය අද (26) රාත්රී 10 සිට දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව මීට පෙර මාර්ග වසා තැබූ ගනේතැන්න ප්රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර, ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
