මහ වැසි මැද මහරගම නගර මධ්‍යයේ කාන්තාවක් ඝා තනය කෙරේ
මහරගම නගරය මැද සුපිරි වෙළද සැළක් ඉදිරිපිටදී (27) දා අළුයම ගෙල මිරිකා කාන්තාවක් ඝාතනය කොට ඇතැයි මහරගම පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු (65) පමණ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලීසිය කියයි.
මෙම කාන්තාව මහරගම නගරයේ කලක සිට හදුන්කූරු අලෙවි කළ කාන්තාවක් බවත් ඇය මෙදින අළුයම සිය ව්‍යාපාරික කටයුත්ත සදහා පැමිනි අවස්ථාවේදී කිසියම් අයෙකු මෙම කාන්තාවගේ ගෙල මිරිකා මෙසේ ඝාතනය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෞද්ගලික පළිගැනීමක් ඝාතනයට හේතුව බවට පොලිසිය සැක කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිළධාරීන් පැමිණ ස්ථානිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය.
– දිනමිණ
