රෑ මැද ඇසුනු සද්දයෙන් හීන කදුලකට හැරෙයි
රෑ මැදියමේ ඇසුණු ඒ අද්භූත ශබ්දය මුළු පවුලකම හීන සුන් කර දමනු ඇතැයි ඔහු හීනෙකින්වත් හිතන්නට නැතුව ඇති.
බිරිඳ ළිඳ ඇතුළේ බටයක එල්ලී මරණයෙන් බේරෙන්න හදද්දී, දින 19ක ඒ රන්කැටියා ළිඳ පතුලේ අවසන් හුස්ම හෙළා තිබුණා.
කිසිම ආරවුලක් නැති පවුලක මෙවැනි විනාශයක් පතිත වුණේ කොහොමද?
උගත් මවක් මිනීමරුවෙකු ලෙස හංවඩු ගැසූ ගිරිඋල්ලේ ඒ අභිරහස් මරණයේ සියලු තොරතුරු මෙන්න…
දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරංගමුව හමන්ගල්ල ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් බව සදහන්.
ඉංජිනේරුවකු වන සැමියා හා විවාහවී ඇති උපාධිධාරිනිය කලක් තිස්සේ හොදින් පවුල් ජීවිතය ගෙන ගොස් ඇතැයිද එසේ කල්ගත කරන අතරේ ඇය දරුවා බිහි කර නිවසට පැමිණ සිට ඇතැයිද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.
මෙම යුවළ හා දරුවා නිවසේ කල් ගත කර ඇතැයිද කිසියම් හඬක් ඇසී සැමියා අවදීවී බලන අවස්ථාවේ දරුවා ළිඳට වැටී සිට ඇති බවත් ළිදට වැටුනු බව කියන බිරිය එහි තිබූ බටයක ආධාරයෙන් ගොඩට විත් ඇති බවත් හෙලිවී ඇතැයි පොලිසිය සදහන් කරනවා.
දරුවා බිහි කිරීමෙන් පසු ඇතිවන බව කියන වැදූ ගෙයි සන්නිය නැමති තත්ත්වයට පත්ව කාන්තාව දරුවා සමග ළිදට පැන්නාදැයි සැක කරන බව පොලිසිය සදහන් කරයි.
මෙම යුවළ කිසි විටක අරාවුලකින් පසුවී නැති බවද අනාවරණයවු බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ.
උපුටාගැනීම: හිරුගොසිප්
