සැමියාගේ අමුතු ආසාවෙන් අ/පුර බිරිදට අත්වුනු ඉරණම
ආදරය සහ රැකවරණය දිය යුතු තැනැත්තාම තම ජීවිතයේ මාරයා වූ පුවතක් අනුරාධපුර, පරසන්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පූනෑව නාවික හමුදා කඳවුරේ සේවය කරන ජී. සංජීව අරුණ ශාන්ත නැමැති සෙබළා සිය බිරිඳට එරෙහිව සිදු කළ අමානුෂික වධහිංසා පිළිබඳව ඇසෙන ඕනෑම කෙනෙකුගේ ගත සිත වෙව්ලා යනු නොඅනුමානය.
පොලිස් වාර්තා වලට අනුව, මෙම සැකකරු සිය බිරිඳට එරෙහිව කිසිසේත් අනුමත කළ නොහැකි ලෙස ක්‍රියා කර තිබේ. ඇයට දරුණු ලෙස පහර දුන් ඔහු, පසුව ඇයව ගසක බැඳ ශරීරයට මිරිස් කුඩු ගසා ඇති බව හෙළි වී ඇත. එතැනින් නොනැවතුණු ඔහු ඇයට අස්වාභාවික ලිංගික ක්‍රියාවන් සිදු කරමින් කෲර ලෙස වධහිංසා පමුණුවා ඇත.
මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මෙම අවාසනාවන්ත බිරිඳ පසුවන්නේ අතිශය අසාධ්‍ය තත්ත්වයකය. ඇය ලත් කෲර වධහිංසා හේතුවෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට පවා නොහැකි තරමට ඇය දැඩි ලෙස රෝගීව සිටින බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඇගේ සිරුරේ බාහිර සහ අභ්‍යන්තර තුවාල පිළිබඳ වෛද්‍ය වාර්තාව ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පරසන්ගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්. සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කරන ලදී. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ජනවාරි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
උපුටාගැනීම: හිරුගොසිප්
