බිග් මැච් රාජකාරියට ගිය අඹ යහළුවන් දෙදෙනාම සදහටම සමුගනී මහනුවරින් කඳුළු පිරුණු ඛේද වාචකයක්
පැවැත්වෙන වාර්ෂික මහා ක්රිකට් තරගයේ සංවිධාන කටයුතු සඳහා අද (02) උදෑසන පිටත්ව ගිය 13 වන වසරේ ඉගෙනුම ලැබූ අඹ යහළුවන් දෙදෙනෙකු බිහිසුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් පල්ලේකැලේ ප්රදේශයෙන් වාර්තා වේ. උදෑසන 6.30 ට පමණ පල්ලේකැලේ රත්මල්ඔය පාලම අසලදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් එක් සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් අනෙක් සිසුවා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ.
මෙලෙස අකාලයේ දිවියෙන් සමුගත් සිසුන් දෙදෙනා අදාළ ක්රිකට් තරගය වෙනුවෙන් පත්කර තිබූ ආරක්ෂක කමිටුව නියෝජනය කළ ක්රියාශීලී යෞවනයන් දෙදෙනෙකි. තරගය නැරඹීමට පැමිණෙන පිරිස ක්රීඩාංගණයට ඇතුළු වීමට පෙර ඔවුන්ගේ ප්රවේශ පත්ර පරීක්ෂා කිරීම ඇතුළු විශේෂ රාජකාරි කිහිපයක් වෙනුවෙන් ඔවුන් මෙලෙස උදෑසනම ක්රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත. එකම දිනකදී සිදුවූ මෙම සමීප මිතුරන් දෙදෙනාගේ හදිසි වියෝව මේ වනවිට පාසල් ප්රජාව මෙන්ම මුළු මහත් ප්රදේශයම දැඩි කම්පනයකට පත් කර ඇත.
ආදරණීය පුතුන් දෙදෙනාට උතුම් වූ නිවන් සුව අත්වේවායි ප්රාර්ථනා කරමු ! 🕊️
