වාහන ගන්න ඉන්න අයට නොසිතූ අසුබ ආරංචියක්
ඔන්න වාහන හීන දකින අපේ අයට නම් ටිකක් හිතට අමාරු ආරංචියක් තමයි මේ දැන් ලැබෙන්නේ.
ලංකාවේ වාහන මිල ගණන් ඉදිරියේදී තවත් ඉහළ යන්න නියමිතයි කියලා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා අනාවරණය කරලා තියෙනවා.
මෙහෙම මිල ඉහළ යන්න ප්රධානම හේතු දෙකක් බලපාලා තියෙනවලු…
සමාජ ආරක්ෂණ බද්ද තවත් 2.5% කින් වැඩි වීම.
දවසින් දවස වෙනස් වන ඩොලරයේ අගය ඉහළ යෑම.
සභාපතිවරයා පවසන අන්දමට ජනප්රිය වාහන මාදිලි කිහිපයක මිල ගණන් ඉහළ යා හැක්කේ මෙන්න මෙහෙමයි…
හොන්ඩා වෙසල් (Honda Vezel): රුපියල් ලක්ෂ 3 කින් පමණ
ටොයෝටා රෙයිස් (Toyota Raize): රුපියල් ලක්ෂ දෙක හමාරකින් පමණ
වැගන් ආර් (Wagon R): රුපියල් ලක්ෂ එක හමාරකින් පමණ
ඉතින් වාහනයක් ගන්න ප්ලෑන් කර කර හිටපු අයට නම් මේක ලොකු බරක් වෙන එක සහතිකයි.
