සිසුවියව සප්‍රයිස් කරන්න ආ මනමාලයාට පියා ඉගැන්වූ අමතක නොවෙන පාඩම
පෙම්වතිය උපන්දිනයට සතුටු කරන්න ඕනම පෙම්වතෙක් කැමතියි..
ආදරය කරන්න පටන්ගත්ත මුල් කාලේදී නම් ඉතින් ඕනම කෙනෙක් ඉතින් කැමතියි නේ පෙම්වතියව පුදුම කරන්න..
ඒත් මේ කතාවේදී නම් වුණේ ඇගේ උපන්දිනය දවසේ ඔහු පුදුම වෙච්ච එක.. මේ රසබර කතාව ඇසෙන්නේ කෑගල්ල ප්‍රදේශයෙන්..
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 24 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටිය… මෙම තරුණයා පදිංචිව සිටින ගම්මානයට කුඹුරු යායක් මැදින් යා යුතුයි.. ඇඟලුම් ආයතනයක කලක සිට සේවය කරන තරුණයා අල්ලපු ගමේ පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවක් මෑතකදී පටන් ගෙන තිබෙනවා… ඇය කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින සුරූපී පාසල් සිසුවියක්…
වැඩි කාලයක් යන්නට පෙර දෙදෙනාගේ සම්බන්ධතාවය පාසල් සිසුවියගේ මවුපියන්ට ආරංචි වී ඒ සම්බන්ධයෙන් පාසල් සිසුවියගෙන් මවුපියන් විමසීමක් ද කර ඇති අතර, එහිදී මවුපියන් නැගු චෝදනාව පාසල් සිසුවිය තරයේ ප්‍රතික්ෂේප කර කළා..
අවස්ථා කිහිපයකදීම මගතොට දී තරුණයා මුණ ගැසී ඇති පාසල් සිසුවියගේ පියා එහිදී කියා ඇත්තේ වහාම සම්බන්ධතාවයක් තියෙනවා නම් නතර කරන ලෙසත්යි… එහිදී ද තරුණයා පාසල් සිසුවියගේ පියා නැගු චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉකුත් දිනක පාසල් සිසුවියගේ උපන් දිනය යෙදී තිබිණි. පාසල් මිතුරියන් සමග කෑමට කේක් ගෙඩියක් දීමට තරුණයා තීරණය කළා..
උදේ පාසල් යන වේලාවේ ඇයට දීමට තරුණයා කේක් ගෙඩියක් පෙර දින රැකියාවට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ දී කෑගල්ල නගරයෙන් ගෙනාවා.. පසු දා පාන්දර නැගිට ඇති තරුණයා ලක ලෑස්ති වී එළිය වැටී ගෙන එන අවස්ථාවේ දී පාසල් යන පෙම්වතියට දීමට කේක් ගෙඩියක් රැගෙන මගට ගියා…
පාසල් සිසුවිය සුදු ඇඳුමින් සැරසී කුඹුරු යාය මැදින් පාසල් එන අයුරු දැක ඇති තරුණයා ද ඉදිරියට ගොස් කේක් ගෙඩිය අත තබාගෙන සුබපතන අවස්ථාවේ දී පාසල් සිසුවියගේ පියා ඈතින් දුවගෙන පැමිණ තරුණයා දැක තිබෙනවා.. පසුව තරුණයා කේක් ගෙඩියත් රැගෙන ආපසු නියර දිගේ දිව යන අවස්ථාවේ දී කුඹුරට වැටී ඇති අතර, පසුව තරුණයා කේක් ගෙඩිය කුඹුරේ දමා දිව ගොස් ඇති අතර පාසල් සිසුවිය ද හැඬූ කඳුළින් පාසල් ගොස් ඇති බව වාර්තා වෙනවා..
උපුටාගැනීම – අන්තර්ජාලයෙන්
