විදේශ ගමන් බලපත්ර ගන්න ඉන්න අයට සුබම සුබ ආරංචියක්
දෙසැම්බර් මස ආරම්භයේ සිට විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, 750,000ක් පමණ හිස් විදෙස් ගමන් බලපත්ර තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති අතර, ඊට සමගාමීව තවත් හිස් ගමන් බලපත්ර තොගයක් ප්රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්රමවේදය නුදුරු දිනයකදීම ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්ර ප්රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර, ඉහත තොග ලැබීමත් සමග දෙසැම්බර් මස මුල සිට මෙම ප්රමාණය ක්රමයෙන් වර්ධනය කර, අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ප්රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්ර නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.