ගෝල්ෆේස් පිටය නැවතත් සුපුරුදු පරිදි ජනතාවට විවෘත වෙයි.
ගාලු මුවදොර පිටිය පොදු කටයුතු වෙනුවෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා වාරය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරයා කළමනාකරණ හා උපදේශක සේවා පෞද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම සඳහා අවසර ලබා නොදීමට 2023.4.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
ගාලු මුවදොර පිටිය පරිපාලන හා නඩත්තුව සඳහා මාසික ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5- 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ශනීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන් ම ජනතාවට සැමරීම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බව රජය පවසයි.
ඒ අනුව, ‘පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්’ යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.