නිවාස නැති අයට රජයෙන් නිවාස 2000ක්
අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස 1,996ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රජය සඳහන් කළේ, එම වැඩසටහන අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කරන බව ය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 8 දෙනෙකු වෙතින් ලංසු කැඳවා ඇති බව රජය පැවසීය.
එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පැකේජ 1 – මොරටුවේ නිවාස ඒකක 575ත් සහ කොට්ටාවේ නිවාස ඒකක 108ක් ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්රදානය කිරීම.
පැකේජ 2 – දෙමටගොඩ නිවාස ඒකක 586ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්රදානය කිරීම.
පැකේජ 3 – පැලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanxi Construction Investment Group Co Ltd වෙත ප්රදානය කිරීම.