මනුස්සයන් අතින් වැරදි වෙනවා.අපිත් සාමාන්‍ය මිනිස්සු.අපි අතිනුත් වැරදි වෙන්න පුළුවන්
ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂක නාම ලැයිස්තු අතර කිසිදු දූෂිතයෙක් වංචනිකයෙක් නැති බවට සහතික කළ හැකි බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්රචාරක ජන හමුවක් කළුතර ප්‍රදේශයේදී අමතමින් ඇය මේ බව පැවසුවාය.
‘මනුස්සයන් අතින් වැරදි වෙන්න පුළුවන්. අපිත් සාමාන්‍ය මිනිස්සු අපි අතිනුත් වැරදි වෙන්න පුළුවන්.
නමුත් වෙනස තියෙන්නේ අපේ පක්ෂය තුළ තියෙන විනය නිසා කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වන නිසා අපි එකිනෙකාට වග කියන නිසා අපිට එහෙම වැරදි වැරදි කරන්නත් අමාරුයි. වැරදි කරල හංගන්නත් අමාරුයි’
Lanka C news